දාවිත් ඔහුගේ පුතා අබ්සලොම්ගෙන් පලා යද්දී රචනා කරපු ගීතයක්.+
3 යෙහෝවා දෙවියනි, මට මේ තරම් සතුරෝ ඉන්නේ ඇයි?+
මේ තරම් පිරිසක් මට විරුද්ධව නැඟී ඉන්නේ ඇයි?+
2 හුඟදෙනෙක් මං ගැන කියන්නේ
“දෙවියන් එයාව බේරගන්නේ නැහැ”+ කියලයි. (සීලාහ්)
3 ඒත් යෙහෝවා දෙවියනි,
මට හැම පැත්තකින්ම ආරක්ෂාව දෙන පලිහ ඔබයි.+
මගේ ගෞරවය ඔබයි.+ මට ධෛර්යය දෙන්නෙත් ඔබයි.+
4 මම හඬ නඟලා යෙහෝවාට කතා කරනවා.
ඔහුගේ ශුද්ධ කන්දේ+ ඉඳන් ඔහු මට උත්තර දෙනවා. (සීලාහ්)
5 මම සුවෙන් නිදාගන්නවා.
කිසි කරදරයක් නැතුව ආයෙත් අවදි වෙනවා.
මොකද යෙහෝවා මාව රැකබලා ගන්නවා.+
6 විරුද්ධකාරයන් දසදහසක් මාව වැටලුවත්
මට බයක් දැනෙන්නේ නැහැ.+
7 අනේ යෙහෝවා, නැඟිට මගේ උදව්වට එන්න!
මගේ දෙවියනි, මාව බේරගන්න!+
මගේ සතුරන්ගේ හකු බිඳලා දාන්න.
දුෂ්ටයන්ගේ දත් කඩලා දාන්න.+
8 යෙහෝවා දෙවියනි, ගැලවීම දෙන්නේ ඔබයි.+
ඔබේ සෙනඟට ඔබේ ආශීර්වාදය ලැබෙයි. (සීලාහ්)