ගීතාවලිය
දෙවෙනි කොටස
(ගීතාවලිය 42-72)
සංගීත අධ්‍යක්ෂක වෙත. කෝරාගේ පුතුන්ගේ+ ගීතයක්. මස්කිල්.*
42 ගලාගෙන යන දිය දහරා ළඟට යන්න මුවෙක් ලොකු ආශාවකින් ඉන්නවා වගේ
දෙවියනි, මමත් ඉන්නේ ඔබ ළඟට එන්න ලොකු ආශාවකින්.
අනේ දෙවියනි, මට ඔබ ඉස්සරහට එන්න ලැබෙන්නේ කවදාද?+
3 දිවා රෑ දෙකේම මගේ කුස පිරුණේ මගේම කඳුළුවලින්.
“කෝ ඔබේ දෙවියන්”+ කියකිය මිනිසුන් දවස තිස්සේම මට සමච්චල් කරනවා.
4 උත්සව සමරන සෙනඟත් එක්ක දෙවියන්ගේ ගෘහයට ගිය කාලේ මතක් වෙද්දී+
මගේ හිතට* දැනෙන වේදනාව මං හංගන්නේ නැතුව ඔබට කියනවා.
ප්‍රීති ඝෝෂා සහ ස්තුති ප්‍රශංසා මැද්දේ
මම සෙනඟ ඉස්සරහින් ගිය විදිහ මට අමතක වෙන්නේ නැහැ.
5 ඒත් ඇයි දැන් මං කනස්සල්ලෙන් ඉන්නේ?+ ඇයි මං නොසන්සුන්ව ඉන්නේ?
දෙවියන් පියවර ගන්න කල් මම බලාගෙන ඉන්නවා.+
මගේ ශ්‍රේෂ්ඨ ගැලවුම්කරු ඔහුයි.
ඒ නිසා මම දිගටම ඔහුට ප්‍රශංසා කරනවා.+
6 අනේ මගේ දෙවියනි, මං ඉන්නේ ලොකු කනස්සල්ලකින්.+
7 වේගයෙන් ඇද හැලෙන ජල කන්දරාවක හඬ මට ඇහෙනවා.
ඒ හඬ එන්නේ ඔබේ දිය ඇලිවලින්.
ඔබ දෙසින් එන දැවැන්ත රළ පහර මාව වසාගන්නවා.+
8 මම දවස පුරාම යෙහෝවාගේ නොසැලෙන ආදරේ අද්දකිනවා.
රෑ තිස්සේ මම ඔහුට ප්‍රශංසා ගී ගයනවා.
මට ජීවිතය දුන්න දෙවියන්ට මම යාච්ඤා කරනවා.+
9 මගේ පර්වතය වන දෙවියන්ගෙන් මම මෙහෙම අහනවා.
“ඔබ මාව අමතක කළේ ඇයි?+
මට හිරිහැර කරන සතුරා නිසා මට දුක් විඳින්න දෙන්නේ ඇයි?”+
10 මගේ සතුරන් මාව මරන්න තරම් කේන්තියකින්* මට නින්දා කරනවා.
“කෝ ඔබේ දෙවියන්”+ කියකිය ඔවුන් දවස තිස්සේම මට සමච්චල් කරනවා.
11 ඒත් ඇයි මං කනස්සල්ලෙන් ඉන්නේ? ඇයි මං නොසන්සුන්ව ඉන්නේ?