ගීතාවලිය
සංගීත අධ්යක්ෂක වෙත. කෝරාගේ පුතුන්ගේ ගීතයක්.+ ඇලමොත්* ස්වරයෙන් ගායනා කරන්න.
46 දෙවියන් තමයි අපේ රැකවරණය. අපේ ශක්තිය.+
දුක් කරදරවලදී අපිට උදව් කරන්න ඔහු ඕනෙම වෙලාවක සූදානමින් ඉන්නවා.+
2 පොළොව කම්පා වුණත්
කඳු මහ මුහුදට කඩන් වැටුණත්+ අපි බය වෙන්නේ නැහැ.
3 මුහුද කැලඹිලා වේගයෙන් රළ ගැහුවත්+
ඒ රළ පහරට කඳු දෙදරුම් කෑවත් අපිට කිසි බයක් දැනෙන්නේ නැහැ. (සීලාහ්)
4 එක ගංගාවක් තියෙනවා. ඒකෙන් ගලා බසින අතු ගංගා නිසා
දෙවියන්ගේ නුවරේ වැසියන් සතුටට පත් වෙනවා.+
තේජසින් පිරුණු, උසස්ම දෙවියන්ගේ ශුද්ධ කූඩාරම ප්රීති ඝෝෂා නඟනවා.
5 ඒ නුවර පරාජය කරන්න කාටවත් බැහැ. මොකද ඒ නුවරේ දෙවියන් ඉන්නවා.+
අලුයම උදා වුණ ගමන්ම ඔහු නුවරේ උදව්වට එනවා.+
7 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා අපිත් එක්ක ඉන්නවා.+
යාකොබ්ගේ දෙවියන් අපිට රැකවරණය ලබා දෙන බලකොටුවක්.* (සීලාහ්)
8 ජනයෙනි, යෙහෝවා දෙවියන් කරන්නේ මොනවාද කියලා ඇවිත් බලන්න.
ඔහු පොළොවේ කරලා තියෙන පුදුමාකාර දේවල් දිහා ඇස් ඇරලා බලන්න.
9 පොළොව පුරාම සිද්ධ වෙන යුද්ධ ඔහු නවත්තලා දානවා.+
ඔහු දුන්න කඩලා හෙල්ලය කුඩු කරලා දානවා.
යුධ රථ* ගිනිබත් කරනවා.
10 ඔහු මෙහෙම කියනවා. “ජනයෙනි, මට යටත් වෙන්න.