ආසාෆ් රචනා කරපු ගීතයක්.+
82 රැස් වෙලා ඉන්න දෙවිවරු අතරට ඇවිත්
දෙවියන් තමන්ට හිමි ස්ථානයේ හිටගන්නවා.+
දෙවිවරු මැද විනිශ්චය කරමින් ඔහු මෙහෙම කියනවා.+
2 “ඔබ තව කොච්චර කාලයක් අසාධාරණ විදිහට විනිශ්චය කරනවාද?+
දුෂ්ටයන්ගේ පැත්ත අරන් වැඩ කරනවාද?+ (සීලාහ්)
3 අසරණයන් සහ පියා නැති දරුවන් වෙනුවෙන් නැඟී ඉන්න.+
පීඩාවට පත් වුණ අය සහ දුප්පත් අය වෙනුවෙන් යුක්තිය ඉටු කරන්න.+
4 අසරණයන්වත් දුප්පතුන්වත් බේරගන්න.
දුෂ්ටයන්ගේ අතින් ඔවුන්ව ගලවගන්න.”
5 ඒත් ඔවුන් කිසි දෙයක් දන්නේ නැහැ.
කිසි දෙයක් තේරුම්ගන්නෙත් නැහැ.+
ඔවුන් අන්ධකාරයේ ඒ මේ අත ඇවිදිනවා.
පොළොවේ හැම අත්තිවාරමක්ම හෙල්ලිලා ගිහින්.+
6 “උසස්ම දෙවියන් වන මම මෙහෙම කිව්වා.
‘ඔබ දෙවිවරු.+ ඔබ හැමෝම මගේ පුතුන්.
7 ඒත් ඔබත් සාමාන්‍ය මිනිසුන් වගේ මැරිලා යනවා.+
අනිත් පාලකයන් වගේ වැටිලා යනවා.’”+
8 දෙවියනි, නැඟී ඉඳලා පොළොව විනිශ්චය කරන්න.+
මොකද සියලු ජාතීන් අයිති ඔබටයි.