ගීතාවලිය
සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත් රචනා කරපු ගීයක්.
31 යෙහෝවා දෙවියනි, මං රැකවරණය පැතුවේ ඔබෙන්.+
මට කවදාවත් ලැජ්ජාවට පත් වෙන්න ඉඩ දෙන්න එපා.+
ඔබ ධර්මිෂ්ඨ දෙවි කෙනෙක්. ඒ නිසා මට ගැලවීම ලබා දෙන්න.+
2 ඔබේ දෙසවන් මං වෙතට යොමු කරන්න.*
ඉක්මනින් ඇවිත් මාව බේරගන්න.+
ආරක්ෂාව ලබා දෙන කන්දක් වෙලා මාව ගලවගන්න.
බලකොටුවක් වෙලා මගේ ජීවිතේ රැක දෙන්න.+
3 මගේ පර්වතයත් මගේ බලකොටුවත් ඔබයි.+
ඔබ මට මඟ පෙන්වලා මාව හරි මාර්ගයේ අරන් යනවා.+
ඔබ එහෙම කරන්නේ ඔබේ නම ගෞරවයට පත් කරන්නයි.+
5 මම මගේ ජීවිතේ* ඔබේ අතට භාර දෙනවා.+
සත්‍යය පවසන* යෙහෝවා දෙවියනි, ඔබ මාව බේරගත්තා.+
6 කිසි වැඩකට නැති දෙවිවරුන්ගේ රූපවලට නමස්කාර කරන අයට මම වෛර කරනවා.
මං විශ්වාසය තියන්නේ යෙහෝවා වන ඔබ මතයි.
7 ඔබ මට පෙන්වන නොසැලෙන ආදරේ නිසා මගේ හිත සතුටින් පිරිලා යනවා.
මං වින්ද හැම දුකක්ම ඔබ දැක්කා.+
මට දරාගන්න බැරි හැම වේදනාවක් ගැනම ඔබ හොඳින් දන්නවා.
9 අනේ යෙහෝවා, මට අනුකම්පා කරන්න. මගේ දුක මට දරාගන්න බැහැ.
මං විඳින වේදනාව නිසා මගේ ගතත් දෙනෙතත් දුර්වල වෙලා.+
මං කරපු වරද නිසා මගේ ශක්තිය හීන වෙලා.
මගේ ඇටකටු එන්න එන්නම දුර්වල වෙනවා.+
මගේ යාළුවෝ මං නිසා බයෙන් ඉන්නවා.
මං එළිමහනේ ඉන්නවා දකිද්දී ඔවුන් පලා දුවනවා.+
12 මං හරියට මිය ගිය කෙනෙක් වගේ. ඔවුන්ට මාව අමතක වෙලා.
ඔවුන් මාව හිතෙන් අයින් කරලා. මම හරියට බිඳුණු භාජනයක් වගේ.
ඔවුන් එකා මෙන් එකතු වෙලා
මගේ ජීවිතේ නැති කරන්න කුමන්ත්‍රණය කරනවා.+
14 ඒත් යෙහෝවා දෙවියනි, මගේ විශ්වාසය ඔබයි.+
“මගේ දෙවියන් ඔබයි” කියලා මම හැමෝටම ඇහෙන්න කියනවා.+
15 මගේ ජීවිතේ* තියෙන්නේ ඔබේ අතේ.
මගේ සතුරන්ගේ අතිනුත් මට පීඩා කරන අයගෙනුත් මාව බේරගන්න.+
16 ඔබේ සේවකයා ගැන ඔබ සතුටු වෙනවා කියලා පෙන්වන්න.+
ඔබේ නොසැලෙන ආදරේ පෙන්වලා මාව බේරගන්න.
17 අනේ යෙහෝවා, මං ඔබෙන් උදව් ඉල්ලද්දී මාව ලැජ්ජාවට පත් වෙන්න ඉඩ දෙන්න එපා.+
දුෂ්ටයන්ව ලැජ්ජාවට පත් කරන්න!+ ඔවුන්ව මිනී වළට යවලා නිහඬ කරන්න!+
18 බොරු කියන අයගේ කටවල් වසනු ලැබේවා!+
ධර්මිෂ්ඨ කෙනාට විරුද්ධව උඩඟු, අපහාසාත්මක විදිහට
බොරු කියන අයව නිහඬ කරනු ලැබේවා!
ඔබ ගැන ගරුබියක් තියෙන අයට ආශීර්වාද කරන්න ඒ යහපත්කම ඔබ ගබඩා කරලා තියෙනවා.+
ඔබේ රැකවරණය පතන අයට, මිනිසුන් හැමෝම ඉස්සරහා ඔබ ඔබේ යහපත්කම පෙන්වනවා.+
20 මිනිසුන් එකතු වෙලා ඔවුන්ට විරුද්ධව කුමන්ත්‍රණ කරද්දී
ඔබ ඔබේ රහසිගත ස්ථානයේ ඔවුන්ව සුරක්ෂිතව තියාගන්නවා.+
මිනිසුන් ඔවුන්ට නින්දා කරද්දී*+
ඔබේ ආරක්ෂිත ස්ථානයේ ඔවුන්ව සඟවලා තියාගන්නවා.
21 යෙහෝවා දෙවියනි, ඔබට ප්‍රශංසා වේවා!
මම හිටියේ වටලලා තිබුණ නගරයක.+
ඒත් ඔබේ නොසැලෙන ආදරේ ඔබ පුදුමාකාර විදිහට මට පෙන්නුවා.+
22 මං කලබල වෙලා මෙහෙම කිව්වා.
“සතුරන් ඔබේ ඇස් ඉස්සරහම මාව මරලා දායි.”+
ඒත් උදව් ඉල්ලලා මං ඔබට කන්නලව් කරද්දී ඔබ මගේ හඬට සවන් දුන්නා.+