ගීතාවලිය
මට ඕනෙ මගේ මුළු හිතින්ම යෙහෝවාට ප්රශංසා කරන්න.+
2 ජීවත් වෙලා ඉන්න කල් මං යෙහෝවාට ප්රශංසා කරනවා.
මගේ ජීවිත කාලය පුරාම මං මගේ දෙවියන්ට ප්රශංසා ගී ගයනවා.*
4 ඔවුන් අවසන් හුස්ම* හෙළුවාට පස්සේ ආයෙත් දූවිල්ලටම හැරිලා යයි.+
ඒ මොහොතේම ඔවුන්ගේ කල්පනාව නැති වෙයි.+
5 යාකොබ්ගේ දෙවියන්ගෙන් උදව් ලබන කෙනා සන්තෝෂවත්.+
තමන්ගේ දෙවියන් වන යෙහෝවා ගැන බලාපොරොත්තු තියන කෙනා සන්තෝෂවත්.+
6 අහසත් පොළොවත් මුහුදත්
ඒවාවල තියෙන හැම දේමත් හදපු තැනැත්තා ඔහුයි.+
සදහටම විශ්වාසවන්තව ඉන්න තැනැත්තාත් ඔහුයි.+
7 අසාධාරණකම්වලට මුහුණ දුන්න අයට යුක්තිය ඉටු කරලා දෙන්නෙත්
බඩගින්නේ ඉන්න අයට කෑම ලබා දෙන්නෙත් ඔහුයි.+
යෙහෝවා දෙවියන් සිරකරුවන්ට නිදහස ලබා දෙනවා.+
8 යෙහෝවා අන්ධ අයට පෙනීම ලබා දෙනවා.+
කලකිරිලා ඉන්න අයට නැඟිටින්න යෙහෝවා අත දෙනවා.+
ධර්මිෂ්ඨ අයට යෙහෝවා හුඟක් ආදරෙයි.
යාහ්ට ප්රශංසා කරන්න!*