ගීතාවලිය
පස්වෙනි කොටස
(ගීතාවලිය 107-150)
2 යෙහෝවා දෙවියන් බේරගත්ත* ජනයෙනි,
දෙවියන් සතුරාගේ අතින්* බේරගත්ත සියල්ලෙනි,+
ඔහුගේ ආදරේ ගැන කියලා ඔහුට ප්රශංසා කරන්න.
3 ඔහු ඔබව වෙනත් දේශවලින් පිටතට අරන් ඇවිත් එකට එකතු කළා.+
නැඟෙනහිරෙන්, බස්නාහිරෙන්,*
උතුරෙන් සහ දකුණෙන් ඔහු ඔබව එකතු කරගත්තා.+
4 ඔවුන් පාළුකරයේ ඒ මේ අත ඇවිද්දා.
ජීවත් වෙන්න නුවරක් හොයාගන්න බැරුව අතරමං වෙලා හිටියා.
5 ඔවුන් බඩගින්නේ හිටියා. තිබහෙන් හිටියා.
ක්ලාන්ත වෙන තරමටම හෙම්බත් වුණා.
8 ජනයෙනි, යෙහෝවාට ස්තුති කරන්න.+
මොකද ඔහු අපිට නොසැලෙන ආදරයක් පෙන්වලා තියෙනවා.
මිනිසුන් වෙනුවෙන් ඔහු පුදුමාකාර දේවල් කරලා තියෙනවා.+
9 පිපාසයෙන් හිටපු කෙනාගේ පිපාසය ඔහු නිවලා දැම්මා.
බඩගින්නේ හිටපු කෙනාට ඔහු හොඳම කෑම දීලා තෘප්තිමත් කළා.+
10 සමහරු ගන අඳුරේ හිටියා.
විලංගු දාපු හිරකරුවන් විදිහට ඔවුන්ට වධ විඳින්න වුණා.
12 ඒ නිසා දෙවියන් ඔවුන්ට දුක් විඳින්න ඉඩහැරලා නිහතමානී වෙන්න ඉගැන්නුවා.+
ඔවුන් වැටුණා. ඒත් ඔවුන්ට උදව් කරන්න කවුරුත් හිටියේ නැහැ.
13 ඔවුන්ගේ දුකේදී ඔවුන්ව බේරගන්න කියලා ඔවුන් යෙහෝවාට හඬගැසුවා.
දුක් කරදරවලින් දෙවියන් ඔවුන්ව බේරගත්තා.
15 ජනයෙනි, යෙහෝවාට ස්තුති කරන්න.
මොකද ඔහු අපිට නොසැලෙන ආදරයක් පෙන්වලා තියෙනවා.+
මිනිසුන් වෙනුවෙන් ඔහු පුදුමාකාර දේවල් කරලා තියෙනවා.
17 මෝඩ විදිහට වැඩ කරපු නිසා ඔවුන්ට දුක් විඳින්න වුණා.+
ඔවුන්ගේ අකීකරුකම් සහ වැරදි නිසා ඔවුන් දුක් වින්දා.+
19 ඔවුන්ගේ දුකේදී ඔවුන්ව බේරගන්න කියලා ඔවුන් යෙහෝවාට හඬගැසුවා.
ඒ නිසා දෙවියන් ඔවුන්ව දුක් කරදරවලින් බේරගත්තා.
21 ජනයෙනි, යෙහෝවාට ස්තුති කරන්න.
මොකද ඔහු අපිට නොසැලෙන ආදරයක් පෙන්වලා තියෙනවා.
මිනිසුන් වෙනුවෙන් ඔහු පුදුමාකාර දේවල් කරලා තියෙනවා.
23 නැව්වල යාත්රා කරන අය,
මහ මුහුද හරහා ගිහින් වෙළඳාම් කරන අය+
24 යෙහෝවා දෙවියන් කරලා තියෙන දේවල් දැකලා තියෙනවා.
මහ සයුරේදී ඔහුගේ පුදුමාකාර ක්රියා ඔවුන්ගේ නෙත ගැටිලා තියෙනවා.+
25 ඔහු අණ දෙද්දී දරුණු කුණාටුවක් ඇති වෙලා,+
රළ පහර ඉහළට නැඟ එන විදිහ ඔවුන් දකිනවා.
26 නැවියෝ අහස දිහාවට වීසි වෙයි.
ඔවුන් මුහුදු පතුලටම ගිලෙයි.
අනතුර දැකලා ඔවුන් බයෙන් වෙවුලයි.
27 ඔවුන් වෙරි මතින් ඉන්න අය වගේ ඒ මේ අත වීසි වෙයි.
ඔවුන් කොයි තරම් දක්ෂ වුණත් දිවි රැකගන්න ඔවුන්ට බැහැ.+
30 සන්සුන් වුණ සයුර දැකලා ඔවුන් සතුටින් කෑගහනවා.
ඔවුන් යන්න හිතන් ඉන්න නැව් තොටට දෙවියන් ඔවුන්ව අරන් යනවා.
31 ජනයෙනි, යෙහෝවාට ස්තුති කරන්න.
මොකද ඔහු අපිට නොසැලෙන ආදරයක් පෙන්වලා තියෙනවා.
මිනිසුන් වෙනුවෙන් ඔහු පුදුමාකාර දේවල් කරලා තියෙනවා.+
32 රැස් වෙලා ඉන්න සෙනඟ මැද ඔවුන් දෙවියන්ට ගෞරව කරනු ලැබේවා!+
වැඩිමහල්ලන් අතරට ගිහින් ඔහුට ප්රශංසා කරනු ලැබේවා!
33 ඔහු ගංගාවන් කාන්තාර වෙන්න සලස්වයි.
දිය උනන උල්පත් වියළී යන්නත්+
34 සාරවත් බිම් ලුණු කතරක් වෙන්නත් සලස්වයි.+
ඔහු එහෙම කරන්නේ ඒ ප්රදේශවල ඉන්න අයගේ දුෂ්ටකම් නිසයි.
36 බඩගින්නේ ඉන්න අයව ඔහු එහේ පදිංචි කරවයි.+
ඔහු එහෙම කරන්නේ ඔවුන්ට ජීවත් වෙන්න නුවරක් හදාගන්න පුළුවන් වෙන්නයි.+
38 දෙවියන් ආශීර්වාද කරන නිසා ඔවුන්ගේ සෙනඟ එන්න එන්නම වැඩි වෙයි.
ඔහු ඔවුන්ට සත්ව සම්පතින් කිසිම හිඟයක් වෙන්න දෙන්නේ නැහැ.+
39 ඒත් හිංසා පීඩා, විපත්ති සහ වියෝදුක නිසා
ආයෙත් ඔවුන්ගේ ගාණ අඩු වෙලා යයි. ඔවුන් ලැජ්ජාවට පත් වෙයි.