විලාප ගී
5 යෙහෝවා දෙවියනි, අපිට වෙලා තියෙන දේ අමතක කරන්න එපා.
අපි විඳින නින්දාව දිහා බලන්න.+
2 අපේ උරුමය නොදන්න අයටත් අපේ ගෙවල් දොරවල් විදේශිකයන්ටත් අයිති වෙලා.+
3 අපි තාත්තා නැති අනාථ දරුවන් වගේ වෙලා. අපේ අම්මලා වැන්දඹුවන් වගේ වෙලා.+
4 බොන වතුර ටිකටත් අපිට සල්ලි ගෙවන්න වෙලා.+ දර ටිකත් සල්ලි දීලා ගන්න වෙලා.
5 අපි පස්සෙන් එළවගෙන එන අය අපි ළඟටම ඇවිත්.
අපි ඉන්නේ හොඳටම හෙම්බත් වෙලා. ඒත් අපිට විවේකයක් ගන්න බැහැ.+
6 කෑම ඉල්ලලා අපි ඊජිප්තුවටත්+ ඇසිරියාවටත්+ අපේ අත් දිගු කරගෙන ඉන්නවා.
7 වැරදි කරපු අපේ මුතුන්මිත්තන් මැරිලා ගිහින්. ඒත් ඒ වැරදිවලට අපිට වන්දි ගෙවන්න වෙලා.
8 සේවකයන් දැන් අපිව පාලනය කරනවා. ඔවුන්ගේ අතින් අපිව බේරගන්න කවුරුත් නැහැ.
9 පාළුකරයේ ඉන්න කඩු ගත්ත අය නිසා අපි කෑම හොයාගෙන යන්නේ අපේ ජීවිත අනතුරේ දාලයි.+
10 දරාගන්න බැරි බඩගින්න නිසා අපේ මුළු ඇඟම උදුනක් වගේ රත් වෙලා.+
11 සියොන්වල භාර්යාවන්ව සහ යූදා දේශයේ නගරවල කන්යාවන්ව ඔවුන් ලැජ්ජාවට පත් කළා.*+
12 ඔවුන් අධිපතීන්ව අත්වලින් එල්ලලා තිබ්බා.+ වැඩිමහල්ලන්ට කිසිම ගෞරවයක් පෙන්නුවේ නැහැ.+
13 තරුණයෝ ඇඹරුම් ගල් තැනින් තැනට අරගෙන යනවා. උස්සගෙන යන දර මිටිවල බරට පිරිමි ළමයි ඇදගෙන වැටෙනවා.
14 නගරයේ දොරටු ළඟ දැන් වැඩිමහල්ලන් පේන්න නැහැ.+ තරුණයෝ සංගීත භාණ්ඩ වාදනය කරන්නේ නැහැ.+
15 අපේ හිතේ තිබුණ සතුට නැති වෙලා ගිහින්. නැටුම් ගැයුම් දැන් වැලපීමකට පෙරළිලා.+
16 අපේ හිසේ තිබුණ ඔටුන්න වැටිලා ගිහින්. අපි කරපු වැරදි නිසා අපි අද්දකින දුක මොන තරම්ද!
17 ඒ නිසා අපේ හිත දුකෙන් බර වෙලා.+
අපේ දෙනෙත් මලානික වෙලා.+
18 මොකද සියොන් කන්ද දැන් පාළුවට ගිහින්.+ ඒක නරියෝ සැරිසරන තැනක් වෙලා.
19 යෙහෝවා දෙවියනි, ඔබ සදහටම ඔබේ සිංහාසනයේ ඉඳගෙන ඉන්නවා.
ඔබේ සිංහාසනය සදහටම තියෙනවා.+
20 ඔබ අපිව හැමදාටම අමතක කරලා දාන්නේ ඇයි? මේ තරම් දිගු කාලයක් අපිව අතහැරලා දාන්නේ ඇයි?+
21 අනේ යෙහෝවා, අපිව ආපහු ඔබ ළඟට ගන්න. අපි කැමැත්තෙන් ඔබ ළඟට ආපහු එනවා.+
ඉස්සර තිබුණ හොඳ කාලය ආපහු අපිට දෙන්න.+
22 ඒත් ඔබ අපිව සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කළා.
ඔබ තාම ඉන්නේ අපි එක්ක හොඳටම කේන්තියෙන්.+