යෝබ්
3 ‘දෙවියනි, මං ඇපයක් විදිහට දෙන දේ භාර අරන් ඒක ඔබ ළඟ තියාගන්න.
මං වෙනුවෙන් ඇප වෙන්න ඉන්නෙත් ඔබ විතරමයි.+
5 එයාලා යාළුවන්ට කියයි එයාලාගේ උරුමයෙන් කොටසක් ගන්න කියලා.
ඒත් හාමතේ ඉන්න නිසා එයාලාගෙම දරුවන්ගේ පෙනීම බොඳ වෙලා.
8 ප්රතිපත්තිගරුක අය මං දිහා පුදුමයෙන් බලන් ඉන්නවා.
දෙවියන් ගැන කිසි ගරුබියක් නැති* අයගේ ක්රියා දැකලා නිර්දෝෂ අය කලබල වෙනවා.
9 ධර්මිෂ්ඨ කෙනා කවදාවත් හරි මඟෙන් ඉවතට යන්නේ නැහැ.+
නිර්දෝෂ කෙනා දවසින් දවස ශක්තිය උපදවගෙන හරි දේ කරයි.+
10 කැමති නම් ඇවිත් මාත් එක්ක ආයෙත් වාද කරන්න.
ඒත් කොච්චර වාද කළත් ඔයාලා අතරේ එක ප්රඥාවන්තයෙක්වත් නැහැ.+
12 ‘ආලෝකය උදා වෙන්නයි යන්නේ’ කියලා මගේ යාළුවෝ කියනවා.
ඒත් හතර වටේට පේන්න තියෙන්නේ අඳුර විතරයි.
14 මිනී වළට+ ‘මගේ තාත්තා’ කියලත්
පණුවන්ට ‘මගේ අම්මා, මගේ නංගි’ කියලත් මට කියන්න වෙයි.
15 එහෙමනම් කිසිම දෙයක් ගැන මට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්ද?+
මං සතුටින් ඉන්න දවසක් එයි කියලා කියන්න පුළුවන් කාටද?