ගීතාවලිය
සංගීත අධ්‍යක්ෂක වෙත. යෙදූතුන්.* දාවිත් රචනා කරපු ගීතයක්.
62 දෙවියන් පියවර ගන්න කල් මම නිහඬව බලන් ඉන්නවා.
මට ගැලවීම ලැබෙන්නේ ඔහුගෙන්.+
2 දෙවියන් මගේ පර්වතයයි. මට ගැලවීම දෙන්නේ ඔහුයි.
මට ආරක්ෂාව ලබා දෙන බලකොටුවත්* ඔහුයි.+
මම කවදාවත් බිමටම ඇද වැටෙන්නේ නැහැ.+
3 ඔබ* වෛර කරන කෙනාව මරලා දාන්න ඔබ තව කී සැරයක් ඔහුට පහර දෙන්න හිතන් ඉන්නවාද?+
ඔබ හැමෝම අනුන්ට අනතුරක් කරමින් කඩන් වැටෙන්න ඔන්න මෙන්න තියෙන පවුරක් වගේ.
ගරාවැටුණු ගල් පවුරක් වගේ.*
4 උසස් තනතුරෙන් ඔහුව අයින් කරන්නේ* කොහොමද කියලා
ඔවුන් එකිනෙකා අතරේ කතා වෙනවා. ඔවුන් බොරු කියලා සතුටක් ලබනවා.
ඔවුන් කටින් ආශීර්වාද කළත් හිතින් ශාප කරනවා.+ (සීලාහ්)
6 දෙවියන් මගේ පර්වතයයි. මට ගැලවීම දෙන්නේ ඔහුයි.
මට ආරක්ෂාව ලබා දෙන බලකොටුවත් ඔහුයි.
මම කවදාවත් වැටෙන්නේ නැහැ.+
7 මට ගැලවීමත් ගෞරවයත් ලැබෙන්නේ දෙවියන්ගෙන්.
මගේ ශක්තිමත් පර්වතය ඔහුයි.+ මට රැකවරණය ලබා දෙන්නෙත් ඔහුයි.
8 ජනයෙනි, හැම වෙලාවෙම දෙවියන් ගැන විශ්වාසය තියන්න.
ඔබේ හිතේ තියෙන හැම දෙයක්ම ඔහුට කියන්න.+
අපිට රැකවරණය ලබා දෙන්නේ දෙවියන්.+ (සීලාහ්)
9 මනුෂ්‍යයන් නිකම්ම නිකම් හුස්ම පොදක් වගේ.
ඔවුන්ව තරාදියක දාලා මැන්නොත් හුස්ම පොදක් තරම්වත් බර නැහැ!+
ඔවුන් ගැන විශ්වාසය තියන එක මොන තරම් මෝඩකමක්ද!+
ඔබට ධනය මොන තරම් ලැබුණත් ඒ ගැන විශ්වාසය තියන්න එපා.+
11 දෙවියන් මට දෙපාරක්ම කතා කරලා මෙහෙම කිව්වා.
“ශක්තියේ උල්පත දෙවියන්.”+