ගීතාවලිය
සංගීත අධ්යක්ෂක වෙත. මතක් කිරීමක් විදිහට දාවිත් රචනා කරපු ගීයක්.
2 මගේ ජීවිතය නැති කරලා දාන්න හදන අයව
ලැජ්ජාවටත් නින්දාවටත් පත් කරන්න.
මගේ දුකේදී සතුටු වෙන අයට ලැජ්ජාවෙන් පලා දුවන්න සලස්වන්න.
3 මට හිනා වෙවී සමච්චල් කරන අයව ලැජ්ජාවට පත් කරන්න.
ඔවුන්ට පලා දුවන්න සලස්වන්න.
4 ඒත් ඔබට ළං වෙන හැමෝම ප්රීති ඝෝෂා නගත්වා!+
ඔබ දෙන ගැලවීම හද පත්ලෙන්ම අගය කරන අය
“දෙවියන්ට ගෞරවය ලැබේවා” කියලා නිතරම කියත්වා!