ගීතාවලිය
සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත් රචනා කරපු ගීයක්.
2 සුළඟට ගහගෙන යන දුමක් වගේ ඔවුන්ව පලවාහරින්න.
ගිනිදැල්ලට දිය වෙලා යන ඉටි වගේ
දුෂ්ටයෝ දෙවියන් ඉස්සරහා විනාශ වේවා!+
4 දෙවියන්ට ගී ගයන්න. ඔහුගේ නමට ප්‍රශංසා ගී ගයන්න.*+
පාළුකරය මැදින්* ගමන් කරන තැනැත්තාට ගී ගයන්න.
ඔහුගේ නම යාහ්.*+ ඔහු ඉස්සරහා ප්‍රීති වෙන්න.
6 දෙවියන් තනි වුණ අයට නිවහනක් ලබා දෙනවා.+
සිරකරුවන්ව නිදහස් කරලා ඔවුන්ට සමෘද්ධිමත් ජීවිතයක් ලබා දෙනවා.+
ඒත් මුරණ්ඩු* අයට සිද්ධ වෙන්නේ වියළි දේශයක ජීවත් වෙන්නයි.+
දෙවියනි, ඔබ නිසා අහසින් වැසි ඇද හැලුණා.
ඊශ්‍රායෙලයේ දෙවියනි, ඔබ නිසා සීනයි කන්ද දෙදරුම් කෑවා.+
11 යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟට අණක් දෙයි.*
එතකොට ශුභාරංචිය* ගැන කතා කරන ස්ත්‍රීන් විශාල හමුදාවක් වගේ පිටත් වෙලා එනවා.+
12 විශාල සේනාවන්ට අණ දුන්න රජවරු පලා දුවනවා.+
නිවසේ නැවතිලා ඉන්න ස්ත්‍රියටත් කොල්ල කාපු දේවලින් කොටසක් ලැබෙනවා.+
13 පුරුෂයෙනි, ඔබට කඳවුරේ ගිනිමැල* අතරේ වැතිරිලා ඉන්න සිද්ධ වුණත්
රිදී ආලේප කරපු පිහාටුත් රන්* අත්තටුත්
තියෙන පරෙවියෙක් ඔබට ලැබෙයි.
යෙහෝවා ඒ කන්දේ සදහටම වාසය කරයි.+
යෙහෝවා සීනයි කන්දේ ඉඳන් ශුද්ධස්ථානයට ඇවිත්.+
ඔබ යන ගමන් වහලුන්වත් අරන් ගියා.
ඔබ තෑගි විදිහට පුරුෂයන්ව ගත්තා.+ මුරණ්ඩු අයවත් ගත්තා.+
යාහ් දෙවියනි, ඔබ එහෙම කළේ ඒ අය අතරේ වාසය කරන්නයි.
19 දිනපතාම අපේ බර උසුලගෙන යන යෙහෝවාට ප්‍රශංසා වේවා!+
අපිට ගැලවීම ලබා දෙන සැබෑ දෙවියන් ඔහුයි. (සීලාහ්)
22 යෙහෝවා මෙහෙම කියලා තියෙනවා.
“ඔවුන් බාෂාන්වල හිටියත් මම ඔවුන්ව ආයෙත් ගේනවා.+
මුහුදු පතුලේ හිටියත් මම ඔවුන්ව අරන් එනවා.
23 මම එහෙම කරන්නේ ඔබේ පාද සතුරන්ගේ ලෙයින් නැහැවිලා යන්නයි.+
ඔබේ බල්ලන්ටත් ඔවුන්ගේ ලේ ලෙව කන්න පුළුවන් වෙන්නයි.”
24 දෙවියනි, ඔබේ සෙනඟ සතුට සමරමින් පෙරහැරක යන විදිහ ඔවුන් දකිනවා.
මගේ දෙවියනුත් මගේ රජුත් වන ඔබ ඉන්න ශුද්ධස්ථානයට
ඒ සෙනඟ පෙරහැරකින් යනවා ඔවුන් දකිනවා.+
25 ගායකයෝ ඉස්සරහින්ම යනවා.
තත් භාණ්ඩ වාදනය කරන කණ්ඩායම පිටුපසින් යනවා.+
ඒ දෙපිරිස අතරේ තරුණියන් රබන් ගසමින් යනවා.+
26 විශාල පිරිසක් රැස් වෙලා ඉන්න සභාව මැද දෙවියන්ට ප්‍රශංසා කරන්න.
ඊශ්‍රායෙල්වරුන්ගේ පියාගෙන් ජීවනය ලැබූ සියල්ලෙනි,+ යෙහෝවාට ප්‍රශංසා කරන්න.
27 මිනිසුන්ව යටත් කරගන්න කුඩාම ගෝත්‍රය වන බෙන්ජමිනුත්+
සෙබ්‍යූලන් සහ නෆ්තලී ගෝත්‍රවල පාලකයනුත්
යූදා පාලකයනුත් ප්‍රීති ඝෝෂා නඟන යූදා සෙනඟ එක්ක යනවා.
28 ඔබේ දෙවියන් ඔබට ශක්තිය ලබා දෙන්න කියලා අණක් නිකුත් කළා.
අපි වෙනුවෙන් මහත් දේවල් කරපු දෙවියනි, ඔබේ බලය පෙන්වන්න.+
30 මිනිසුන් රිදී අරන් ඇවිත්* දෙවියන් ඉස්සරහා වැඳ වැටෙන කල්
පන් ගස් අතර ඉන්න වනමෘගයන්ටත්
ගව රැළටත්+ උන්ගේ පැටවුන්ටත් තරවටු කරන්න.
ඒත් යුද්ධයට ප්‍රිය කරන අයව ඔහු විසුරුවාහරිනවා.
ඔහුගේ මුවින් මහත් ගිගුරුම් හඬක් නික්මෙයි.
34 දෙවියන්ට මහත් ශක්තියක් තියෙනවා කියලා පිළිගන්න.+
ඔහු ඊශ්‍රායෙල්වරුන්ව ශ්‍රේෂ්ඨ ආකාරයකින් පාලනය කරයි.
ඔහුගේ ශක්තිය මුළු අහස්තලය පුරාම* දකින්න ලැබෙයි.
සෙනඟට ශක්තියත් බලයත් දෙන ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන් ඔහුයි.+
දෙවියන්ට ප්‍රශංසා වේවා!