17 රණ්ඩු දබර තියෙන නිවසක රජ බොජුන් කනවාට වඩා+
සාමය තියෙන ගෙදරක වේළිච්ච රොටි කෑල්ලක් කන එක හොඳයි.+
2 අවබෝධයෙන් වැඩ කරන දාසයෙක් ලැජ්ජාවක් නැතුව හැසිරෙන පුතෙක්ව පාලනය කරයි.
ස්වාමියාගේ පුතාලට ලැබෙන උරුමයෙන් කොටසක් එයාටත් ලැබෙයි.
3 රිදී පිරිසිදු කරන්න භාජනයකුත් රන් පිරිසිදු කරන්න උදුනකුත් තියෙනවා.+
ඒත් හිත් සෝදිසි කරන්නේ යෙහෝවායි.+
4 දුෂ්ටයා වේදනාවක් ඇති කරන කතාවලට ඇහුම්කන් දෙනවා.
රැවටිලිකාරයා හානියක් කරන අරමුණෙන් කියන කතාවලට සවන් දෙනවා.+
5 දුප්පතාට අපහාස කරන කෙනා තමන්ගේ සැදුම්කරුට නින්දා කරයි.+
අනුන්ගේ විපතේදී සතුටු වෙන කෙනාට දඬුවම් ලැබෙනවාමයි.+
6 මහලු අයට එයාලාගේ මුනුපුරෝ ඔටුන්නක් වගේ.
පුතාලට එයාලාගේ තාත්තලා ගෞරවයක්.
7 මෝඩයෙක්ගේ කටින් වැදගත් දෙයක් පිට වෙන එක කොහෙත්ම ගැළපෙන්නේ නැහැ.+
එහෙනම්, පාලකයෙක්ගේ කටින් බොරුවක් පිට වෙන එක මොන තරම් නුසුදුසුද!+
8 කෙනෙක් ළඟ තියෙන තෑග්ගක් එයාට වටිනා මැණිකක් වගේ.+
ඒ තෑග්ග නිසා යනයන තැන එයා සාර්ථක වෙනවා.+
9 වරදකට සමාව දෙන කෙනා ආදරේ පෙන්වන කෙනෙක්.+
ඒත් වරදක් ගැන කියකිය යන කෙනා කිට්ටු යාළුවන්ව වෙන් කරනවා.+
10 අඥානයෙක්ට සිය පාරක් පහර දුන්නත් වැඩක් නැහැ.+
ඒත් අවබෝධයෙන් වැඩ කරන කෙනෙක්ට එක අවවාදයක් දුන්නත් එයා ඒක හිතට ගන්නවා.+
11 දුෂ්ටයාගේ එකම අරමුණ කැරලිගහන එකයි.
ඒත් එයාට දඬුවම් කරන්න දරුණු කෙනෙක්ව එවයි.+
12 මෝඩ විදිහට හැසිරෙන අඥානයෙක්ව හම්බ වෙනවාට වඩා+
පැටව් මැරුණ වැලහින්නක්ව මුණගැහෙන එක හොඳයි.
13 කෙනෙක් එයාට හොඳක් කරපු කෙනාට නපුරක් කළොත්
එයාගේ ගෙදර හැමදාමත් කරදර තියෙයි.+
14 රණ්ඩුවක් පටන්ගන්න එක ජලාශයක වාන් දොරටු අරිනවා වගේ.
රණ්ඩුවක් ඇති වෙන්න කලින් එතනින් අයින් වෙලා යන්න.+
15 දුෂ්ටයාව වරදින් නිදහස් කරන කෙනාත්
ධර්මිෂ්ඨයාව වරදකරුවෙක් කරන කෙනාත්+ යෙහෝවාට පිළිකුලක්.
16 අඥානයාට ප්රඥාව ලබාගන්න හැකියාව තිබුණත්
ඒකට එයාට කිසි උවමනාවක් නැත්නම් ඒකෙන් වැඩක් තියෙනවාද?+
17 අවංක යාළුවෙක් හැම වෙලාවෙම ආදරේ පෙන්වනවා.+
එයා කරදරයකදී උදව් කරන්න ඉපදුණ සහෝදරයෙක්.+
18 සිහිකල්පනාව නැතුව වැඩ කරන කෙනා අතට අත දීලා ණයකට ඇප වෙයි.
එයාගේ අසල්වැසියා ඉස්සරහම එයා ඒ පොරොන්දුව දෙයි.+
19 රණ්ඩු දබරවලට ආස වැරදි දේට කැමති අයයි.+
තමන්ගේ දොරටු උසට හදන කෙනා විනාශයට අත වනයි.+
20 වංක හිතක් තියෙන කෙනා සාර්ථක වෙන්නේ නැහැ.+
රැවටිලිකාර කතා කියන කෙනාට අත් වෙන්නේ විනාශයයි.
21 මෝඩ දරුවෙක් එයාගේ තාත්තාට දුකක්.
අඥානයාගේ තාත්තා කිසිම සතුටක් අද්දකින්නේ නැහැ.+
22 ප්රීතිමත් සිතක් හොඳ ඖෂධයක්.+
ඒත් බිඳුණු සිතක් නිසා ශක්තිය නැති වෙයි.+
23 දුෂ්ටයා යුක්තිය පෙරළන්න රහසින් දෙන අල්ලසක් වුණත් ගනියි.+
24 කාරණා හොඳින් තේරුම්ගන්න කෙනෙක් ප්රඥාව දිහාම බලාගෙන ඉන්නවා.
ඒත් අඥානයාගේ මනස එහේ මෙහේ දුවනවා.+
25 අඥාන පුතෙක් තාත්තාට දෙන්නේ ලොකු වේදනාවක්.
එයාගේ අම්මාට දෙන්නේ දරන්න බැරි දුකක්.+
26 ධර්මිෂ්ඨයාට දඬුවම් කරන එක සුදුසු නැහැ.
ගෞරවනීය කෙනෙක්ට පහර දෙන එක ලොකු වරදක්.
27 දැනුම් තේරුම් ඇති කෙනා දිව පාලනය කරගන්නවා.+
වටහාගැනීමේ ශක්තිය ඇති කෙනා සන්සුන්ව ඉන්නවා.+
28 නිහඬව ඉද්දී මෝඩයෙක්ව වුණත් පේන්නේ ප්රඥාවන්තයෙක් වගේ.
කතා නොකර ඉන්න කෙනාව පේන්නේ අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් වගේ.