ගීතාවලිය
දාවිත් රචනා කරපු ගීයක්.
35 අනේ යෙහෝවා, මගේ සතුරන් මට විරුද්ධව චෝදනා කරද්දී මං වෙනුවෙන් කතා කරන්න.+
මට විරුද්ධව සටන් කරන අයට විරුද්ධව සටන් කරන්න.+
3 මාව පන්නගෙන එන අයට විරුද්ධව+ ඔබේ හෙල්ලයත් පොරොවත් ඔසවන්න.
“මම ඔබව බේරගන්නවා” කියලා මට කියන්න.+
4 මාව මරන්න හොයන අය ලැජ්ජාවටත් අවමානයටත් පත් වේවා!+
මාව විනාශ කරන්න කුමන්ත්රණය කරන අයට ලැජ්ජාවෙන් පලා යන්න සිද්ධ වේවා!
6 යෙහෝවාගේ දූතයා ඔවුන් පස්සේ පන්නගෙන යද්දී
ඔවුන්ට අඳුරු, ලිස්සන මාර්ගයක යන්න සිද්ධ වේවා!
7 මොකද කිසිම හේතුවක් නැතුව ඔවුන් දැලක් එළලා මාව අහු කරගන්න හදනවා.
මං කිසිම වරදක් කළේ නැතත් ඔවුන් වළක් කපලා මාව අල්ලගන්න හදනවා.
8 හදිස්සියේම ඔවුන් පිටට විනාශය පැමිණේවා!
ඔවුන් එළූ දැලට ඔවුන්ම හසු වේවා!
ඔවුන් අටවපු උගුලට ඔවුන්ම හසු වී විනාශ වේවා!+
9 ඒත් මම යෙහෝවා නිසා සතුටු වෙනවා.
මාව ගලවගන්න ඔහු කරපු දේවල් ගැන හිතද්දී මගේ හිත සතුටින් පිරිලා යනවා.
10 මම මුළු හිතින්ම පෙලඹිලා මෙහෙම අහනවා.
ඔබ හැර එහෙම කරන වෙන කිසිම කෙනෙක් ඉන්නවාද?”
11 බොරු සාක්ෂිකරුවෝ මට විරුද්ධව සාක්ෂි දෙන්න ඉදිරිපත් වෙනවා.+
මං නොදන්න දේවල් ගැන අහලා ඔවුන් මට චෝදනා කරනවා.
12 මං ඔවුන්ට හොඳින් සැලකුවත් ඔවුන් මට කරන්නේ නරක දේවල්.+
මට දැනෙන්නේ වියෝදුකින් ඉන්න කෙනෙක්ට දැනෙන තරම් වේදනාවක්.
13 ඔවුන් ලෙඩින් ඉද්දී මම ගෝණි රෙදි ඇඳගෙන
ඔවුන් වෙනුවෙන් නිරාහාරව හිටියා.
ඒත් මං කරපු යාච්ඤාවට උත්තර නොලැබුණ නිසා,
14 මවක් අහිමි වුණ කෙනෙක් වගේ මම දුක් වුණා.
මගේ යාළුවෙක්, මගේම සහෝදරයෙක් මිය ගියාම දැනෙන තරම් වේදනාවක් මට දැනුණා.
15 ඒත් මගේ පය ලිස්සුවාම ඔවුන් එකට එකතු වෙලා සතුටු වුණා.
ඔවුන් එකතු වෙලා හැංගිලා ඉඳන් මට පහර දෙන්න බලන් හිටියා.
ඔවුන් නිහඬව හිටියේ නැහැ. ඔවුන් මාව කෑලි කෑලිවලට ඉරලා දැම්මා.*
17 අනේ යෙහෝවා, ඔබ තව කොච්චර කාලයක් මේ දිහා බලන් ඉන්නවාද?+
19 කිසිම හේතුවක් නැතුව මට සතුරුකම් කරන අයට
මගේ දුකේදී සතුටු වෙන්න ඉඩ දෙන්න එපා.
කිසිම හේතුවක් නැතුව මට වෛර කරන අයට+
මට සමච්චල් කරන්න ඉඩ දෙන්න එපා.+
20 ඔවුන් සමාදානය ඇති කරන විදිහට කතා කරන්නේ නැහැ.
ඒ වෙනුවට දේශයේ සාමකාමීව ජීවත් වෙන අයට විරුද්ධව
ඔවුන් බොරු චෝදනා එල්ල කරනවා.+
21 ඔවුන් කෑගගහා මට මෙහෙම චෝදනා කරනවා.
“ඔව්! ඔව්! අපි ඇස් දෙකෙන්ම ඒක දැක්කා.”
22 යෙහෝවා දෙවියනි, මේ හැම දෙයක්ම ඔබට පේන නිසා නිහඬව ඉන්න එපා.+
අනේ යෙහෝවා, මගෙන් ඈත් වෙලා ඉන්න එපා.+
23 යෙහෝවා මගේ දෙවියනි, මං වෙනුවෙන් නැඟී ඉන්න.
මං වෙනුවෙන් කතා කරලා මට යුක්තිය ඉටු කරලා දෙන්න.
24 යෙහෝවා මගේ දෙවියනි, ඔබේ ධර්මිෂ්ඨ ප්රමිතිවලට අනුව මාව විනිශ්චය කරන්න.+
මගේ දුකේදී ඔවුන්ට සතුටු වෙන්න දෙන්න එපා.
25 “අපිට ඕනෙ දේ අපි කරගත්තා” කියලා හිතන්න ඔවුන්ට ඉඩ දෙන්න එපා.
“අපි ඔහුව නැති කරලා දැම්මා” කියලා කියන්න ඔවුන්ට ඉඩ දෙන්න එපා.+
26 දෙවියනි, මගේ විපතේදී සතුටු වෙන හැමෝවම ලැජ්ජාවටත් අවමානයටත් පත් කරන්න.
මාව පහත් කරලා තමන් ගැනම මහත් ආඩම්බරයකින් කතා කරන අයට
ලැජ්ජාවත් නින්දාවත් උරුම කරලා දෙන්න.
27 ඒත් මං ගත කරන ධර්මිෂ්ඨ ජීවිතය ගැන සතුටු වෙන අයට ප්රීතියෙන් හඬ නඟන්න සලස්වන්න.
දිගින් දිගටම මෙහෙම කියන්න ඔවුන්ව පොලඹවන්න.
“සාමයෙන් ජීවත් වෙන තම සේවකයා දිහා බලලා සතුටු වෙන යෙහෝවාට ගෞරවය ලැබේවා!”+