ගීතාවලිය
සංගීත අධ්යක්ෂක වෙත. මහලත්* ස්වරයෙන් ගායනා කරන්න. මස්කිල්.* දාවිත් රචනා කරපු ගීයක්.
53 අඥානයා වැඩ කරන්නේ ‘යෙහෝවා දෙවියන් නැහැ’ කියලා හිතාගෙනයි.+
ඔවුන්ගේ වැරදි ක්රියා හරිම දුෂ්ටයි. හරිම පිළිකුල්.
යහපත් දේ කරන කිසිම කෙනෙක් නැහැ.+
2 දෙවියන් ස්වර්ගයේ ඉඳන් මිනිසුන් දිහා බලාගෙන ඉන්නවා.+
යෙහෝවාගේ මඟ පෙන්වීම් පතන,
අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් ඉන්නවාද කියලා ඔහු හොයලා බලනවා.+
හැම කෙනෙක්ම දුෂ්ටයි.
ඔවුන් හරි දේ කරන එක අත්හැරලා ගිහින්.
4 ඒ එක් කෙනෙක්ටවත් කිසිම අවබෝධයක් නැද්ද?
ඔවුන් රොටි කනවා වගේ මගේ සෙනඟව කාලා දානවා.
ඔවුන් යෙහෝවාගෙන් මඟ පෙන්වීම් පතන්නේ නැහැ.+
5 ඒත් ඔවුන්ගේ හිත් බයෙන් සලිත වෙයි.
කවදාවත් අද්දැකපු නැති විදිහේ බයක් ඔවුන්ට දැනෙයි.*
මොකද දෙවියන් ඔහුගේ සෙනඟට පීඩා කරන අයගේ ඇටකටු සීසීකඩ විසුරුවනවා.
යෙහෝවා ඔවුන්ව ප්රතික්ෂේප කරපු නිසා ඊශ්රායෙල් සෙනඟ අතින් ඔවුන් ලැජ්ජාවට පත් වෙනවා.
6 ඊශ්රායෙලයේ ගැලවීම සියොන් වෙතින් ලැබෙන්න කියලා මම පතනවා.+
වහලුන් වෙලා ඉන්න තමන්ගේ සෙනඟව යෙහෝවා ආයෙත් එකතු කරද්දී
යාකොබ් සතුටු වෙන්න! ඊශ්රායෙල් ප්රීතියෙන් ඉපිල යන්න!