දෙවෙනි ලේකම්
22 ඊටපස්සේ යෙරුසලමේ හිටපු සෙනඟ යෙහෝරම්ගේ බාලම පුතා වුණ අහසියාව රජකමට පත් කළා. මොකද අරාබි ජාතිකයන් එක්ක යූදාවලට ආපු කොල්ලකරුවෝ යෙහෝරම්ගේ වැඩිමල් පුතාලා හැමෝවම මරලා දාලා තිබුණා.+ ඉතින් යෙහෝරම්ගේ පුතා වුණ අහසියා යූදාවල රජකම් කරන්න පටන්ගත්තා.+ 2 අහසියා රජකමට පත් වෙද්දී එයාගේ වයස අවුරුදු 22යි. එයා යෙරුසලමේ ඉඳන් අවුරුද්දක් පාලනය කළා. එයාගේ අම්මාගේ නම අතලියා.+ අතලියා ඔම්රීගේ+ මිනිපිරිය.*
3 අහසියාත් ආහබ්ගේ පවුලේ අය ගිය පාරේම ගියා.+ මොකද එයාට උපදෙස් දුන්නේ එයාගේ අම්මා. ඉතින් එයා ගොඩක් දුෂ්ට දේවල් කළා. 4 එයාත් ආහබ්ගේ පවුලේ අය වගේ යෙහෝවා වැරදියි කියලා සලකපු දේවල් දිගටම කළා. එයාගේ තාත්තාගේ මරණයෙන් පස්සේ ආහබ්ගේ පවුලේ අය තමයි එයාගේ උපදේශකයන් විදිහට වැඩ කළේ. ඒකෙන් එයාටම ලොකු හානියක් වුණා. 5 එයාලාගේ උපදෙස්වලට අනුව වැඩ කරපු එයා ආහබ්ගේ පුතා වුණ යෙහෝරම් එක්ක සිරියාවේ රජ වුණ හසායෙල්ට+ විරුද්ධව යුද්ධ කරන්න රාමොත්ගිලියද්වලට+ ගියා. එහෙදී දුනුවායන්ගේ ප්රහාර නිසා යෙහෝරම්ට තුවාල වුණා. 6 සිරියාවේ රජ වුණ හසායෙල්+ එක්ක රාමාවල කරපු යුද්දේදී තුවාල වුණ යෙහෝරම් එයාගේ තුවාල සනීප කරගන්න ආපහු යෙෂ්රෙයෙල්වලට+ ගියා.
ඉතින් යූදාවල රජකම් කරපු යෙහෝරම්ගේ+ පුතා වුණ අහසියා* තුවාල වෙලා*+ හිටපු ආහබ්ගේ පුතා වුණ යෙහෝරම්ව+ බලන්න යෙෂ්රෙයෙල්වලට ගියා. 7 ඒත් අහසියා යෙහෝරම්ව බලන්න ගිය මේ අවස්ථාව අහසියාව විනාශ කරලා දාන්න දෙවියන් පාවිච්චි කළා. එහෙට ගියාම එයා යෙහෝරම් එක්ක නිම්ෂිගේ මුනුපුරා* වුණ යේහුව+ හම්බ වෙන්න ගියා. ආහබ්ගේ පවුලේ අයව+ සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න යෙහෝවා යේහුව තමයි අභිෂේක කරලා තිබුණේ. 8 ආහබ්ගේ පවුලේ අයට විරුද්ධව දීපු විනිශ්චය යේහු ක්රියාත්මක කරද්දී යූදාවල අධිපතීන්වයි, අහසියාගේ සහෝදරයන්ගේ පුතාලවයි, අහසියාගේ සේවකයන්වයි එයාට හම්බ වුණා. ඉතින් එයා එයාලවත් මරලා දැම්මා.+ 9 ඊටපස්සේ එයා අහසියාව හොයාගෙන ගියා. යේහුගේ සේවකයන් අහසියා සමාරියේ හැංගිලා හිටපු තැනින් එයාව අල්ලගෙන යේහු ළඟට අරගෙන ආවා. ඊටපස්සේ එයාලා අහසියාව මරලා දැම්මා. හැබැයි එයාලා එයාව තැන්පත් කළා.+ මොකද “මෙයා මුළු හදවතින්ම යෙහෝවාට සේවය කරපු+ යෙහෝෂපාට්ගේ මුනුපුරෙක්” කියලා එයාලා කිව්වා. අහසියාගෙන් පස්සේ රජකම භාරගන්න හැකියාව තිබුණ කිසිම කෙනෙක් එයාගේ පවුලේ හිටියේ නැහැ.
10 අහසියාගේ අම්මා වුණ අතලියා+ එයාගේ පුතා මැරුණා කියලා දැනගත්තාම යූදාවල රජ පෙළපතට අයිති හැමෝවම මරලා දාන්න උත්සාහ කළා.+ 11 ඒත් රජගේ දුව වුණ යෙහෝෂබියත් අහසියාගේ පුතා යෙහෝයාෂ්ව+ බේරගන්න පියවර ගත්තා. එයා අතලියා මරන්න නියම කරලා තිබුණ රජගේ පුතාලා හිටපු තැනට ගිහින් යෙහෝයාෂ්ව එතනින් හොරෙන් අරන් ගියා. දරුවාවයි, දරුවාව බලාගත්ත සේවිකාවවයි එයා නිදන කාමරේක තියාගත්තා. ඒ විදිහට යෙහෝරම්+ රජගේ දුව වුණ යෙහෝෂබියත්ට අතලියාගෙන් දරුවාව හංගලා තියාගන්න පුළුවන් වුණා. (යෙහෝෂබියත් කියන්නේ පූජක යෙහෝයාදාගේ+ බිරිඳ වගේම අහසියාගේ අක්කා.) ඒ නිසා අතලියාට දරුවාව මරලා දාන්න බැරි වුණා.+ 12 දරුවා එයාලත් එක්ක අවුරුදු හයක් හිටියා. දරුවාව හංගලා තියාගත්තේ සැබෑ දෙවියන්ගේ ගෘහයේ. ඒ කාලේදී අතලියා තමයි දේශය පාලනය කළේ.