ගීතාවලිය
කන්ද නඟිද්දී ගයන ගීතයක්.
130 යෙහෝවා දෙවියනි, දුක් සාගරයක ගිලිලා ඉද්දී මම ඔබට කන්නලව් කළා.+
2 අනේ යෙහෝවා, මට ඇහුම්කන් දෙන්න.
මම උදව් ඉල්ලද්දී මට සවන් දෙන්න.
5 මම බලාපොරොත්තු තියාගෙන ඉන්නේ යෙහෝවා ගැනයි.
මම මුළු හදවතින්ම ඔහු ගැන බලාපොරොත්තු තියනවා.
ඔහුගේ පොරොන්දු ඉටු වෙන කල් මම බලාගෙන ඉන්නවා.
6 එළිය වැටෙන කල් මුරකරුවන් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා.+
යෙහෝවා මට උදව් කරන කල් මම ඊටත් වඩා ලොකු ආශාවකින් බලාගෙන ඉන්නවා.+
7 ඊශ්රායෙල් ජනයෙනි, යෙහෝවා උදව් කරන කල් බලාගෙන ඉන්න.
මොකද යෙහෝවා පෙන්වන ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.+
ගැලවීම ලබා දෙන්න ඔහුට මහත් බලයක් තියෙනවා.
8 ඊශ්රායෙල් සෙනඟගේ හැම වරදකින්ම දෙවියන් ඔවුන්ව මුදවගන්නවා.