ගීතාවලිය
දාවිත් රචනා කරපු ගීතයක්.
4 ඒ, පිරිසිදු හිතක් තියෙන, නිර්දෝෂ ජීවිතයක් ගත කරන* කෙනාටයි.+
මගේ නමින්* බොරු පොරොන්දු දෙන්නේ නැති,
බොරුවට දිවුරන්නේ නැති කෙනාටයි.+
5 ඔහුට යෙහෝවාගේ ආශීර්වාදය තියෙනවා.+
ගැලවීම දෙන ඔහුගේ දෙවියන් ඔහුව සලකන්නේ ධර්මිෂ්ඨ කෙනෙක් විදිහටයි.*+
6 දෙවියන්ගෙන් මඟ පෙන්වීම් පතන්නේ ඒ වගේ අයයි.
යාකොබ්ගේ දෙවියන්ගේ හිත සතුටු කරන්න උත්සාහ කරන්නේ ඔවුනුයි. (සීලාහ්)
7 “දොරටුවෙනි, නැඟිට ඉහළටම එසවෙන්න!+
අතීතයේ ඉඳන් පැවතෙන දොරටුවෙනි, විවෘත වෙන්න!
තේජවත් රජුට ඇතුල් වෙන්න ඉඩ සලසා දෙන්න!”+
8 “මේ තේජවත් රජු කවුද?”
9 “දොරටුවෙනි, නැඟිට ඉහළටම එසවෙන්න!+
අතීතයේ ඉඳන් පැවතෙන දොරටුවෙනි, විවෘත වෙන්න!
තේජවත් රජුට ඇතුල් වෙන්න ඉඩ සලසා දෙන්න!”
10 “මේ තේජවත් රජු කවුද?”
“ඒ, ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි.
තේජවත් රජු ඔහුයි.”+ (සීලාහ්)