ගීතාවලිය
සංගීත අධ්යක්ෂක වෙත. තත් භාණ්ඩ වාදනය කරමින් ගායනා කරන්න. දාවිත් රචනා කරපු ගීයක්.
61 අනේ දෙවියනි, මගේ කන්නලව්වට සවන් දෙන්න.
මගේ යාච්ඤාවට ඇහුම්කන් දෙන්න.+
දෙවියනි, උස් පර්වතයකට මාව ගෙනියන්න.+
4 මම හැමදාමත් ඔබේ ආදරේ, සැලකිල්ල ලබමින් ඔබේ කූඩාරමේ ඉන්නවා.*+
ඔබේ පියාපත් සෙවණේ සැඟවිලා රැකවරණය ලබනවා.+ (සීලාහ්)
5 දෙවියනි, මං දීපු හැම පොරොන්දුවක්ම ඔබ අහගෙන හිටියා.
ඔබේ නමට ගරුබිය දක්වන අයට දෙන උරුමය ඔබ මටත් දුන්නා.+