යෝබ්
38 යෙහෝවා දෙවියන් සැඩ සුළඟ මැදින්+ කතා කරලා යෝබ්ට මෙහෙම කිව්වා.
3 දැන් පුරුෂයෙක් වගේ නැඟිටින්න.
මං අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න ලෑස්ති වෙන්න.
4 මං පොළොවේ අත්තිවාරම් දාද්දී ඔයා හිටියේ කොහෙද?+
ඔයා දැනුම් තේරුම් ඇති කෙනෙක් නම් මට කියන්න.
6 ඒකේ අත්තිවාරම් රඳවලා තියෙන්නේ මොකක් මතද?
ඒකේ ප්‍රධාන ගල තිබ්බේ කවුද?+
7 ඒ අවස්ථාවේදී පහන් තාරකා+ එකට එකතු වෙලා සතුටින් ගී ගයපු විදිහත්
දෙවියන්ගේ පුතුන්*+ හැමෝම සතුටු සිතින් ප්‍රශංසා කරපු විදිහත් ඔයා දැක්කාද?
8 මහ මුහුද පොළෝගැබ කඩාගෙන ආපු වෙලාවේ,+
ඒකට අගුලු දාලා ඒකේ සීමා නියම කළේ කවුද?
9 මම ඒක වලාකුළුවලින් ආවරණය කළා.
අලුත උපන් බිලිඳෙක්ව රෙදි පටිවලින් ඔතනවා වගේ
ඒක ඝන අන්ධකාරයෙන් එතුවා.
10 මම ඒකට සීමාවක් දැම්මා.
දොරගුලු දාලා වහලා දැම්මා.+
11 ඊටපස්සේ මං මෙහෙම කිව්වා. ‘ඔයාට මේ සීමාවෙන් එහාට යන්න බැහැ.
ඔයාගේ චණ්ඩ රළ මෙතනින් නතර වෙන්න ඕනේ.’+
12 අලුත් දවසක් උදා වෙන්න කියලා ඔයා කවදා හරි අණ කරලා තියෙනවාද?
අලුයම උදා වෙන වෙලාව නියම කළේ ඔයාද?+
13 පොළොවේ සතර කොනෙන් විහිදිලා ඇවිත්
දුෂ්ටයන්ව පන්නලා දාන්න කියලා අලුයම් ආලෝකයට කිව්වේ ඔයාද?+
14 මුද්‍රාවකින් මැටි තද කරද්දී ඒක වෙනස් වෙනවා වගේ
ආලෝකය විහිදෙද්දී පොළොවත් වෙනස් වෙනවා.*
ඒකේ තියෙන හැම දෙයක්ම ඇඳුමක තියෙන මෝස්තර වගේ පේන්න පටන්ගන්නවා.
16 ඔයා කවදා හරි මුහුදේ උල්පත් ළඟට ගිහින් තියෙනවාද?
මුහුදු පතුලේ ඇවිදගෙන ගිහින් ඒකේ තියෙන දේවල් හොයලා බලලා තියෙනවාද?+
18 පොළොව කොච්චර විශාලද කියලා ඔයා තේරුම් අරන් තියෙනවාද?+
ඒ හැම දෙයක්ම ඔයා දන්නවා නම් මට කියන්න.
19 ආලෝකයේ නිවහනට යන මඟ ඔයා දන්නවාද?+
ඔයාට කියන්න පුළුවන්ද අන්ධකාරයේ නවාතැන තියෙන්නේ කොතනද කියලා?
20 ඒවා ඒ තැන්වලට අරන් යන්න ඔයාට පුළුවන්ද?
ඒ තැන්වලට යන පාර ඔයා දන්නවාද?
21 මං මේ හැම දෙයක්ම නිර්මාණය කරන්න කලින්ද ඔයා ඉපදුණේ?
ගණන් කරන්න බැරි තරම් අවුරුදු ගාණක් ඔයා ජීවත් වෙලා තියෙනවාද?
ඒ නිසාද ඔයා මේ හැම දේම දන්නේ?
22 ඔයා හිම ගබඩා ඇතුළට ගිහින් තියෙනවාද?+
හිම කැට ගබඩා කරලා තියෙන තැන් දැකලා තියෙනවාද?+
23 මං ඒ හැම දෙයක්ම ගබඩා කරලා තියෙන්නේ විපත්ති දවස වෙනුවෙන්.
යුද්ධ කරන දවස වෙනුවෙන්.+
24 ආලෝකය* පොළොව පුරා විහිදිලා යන්නේ කොහේ ඉඳන්ද?
නැඟෙනහිර සුළං පොළොව පුරා හමන්න පටන්ගන්නේ කොහේ ඉඳන්ද?+
25 මහ වැස්සට අහසේ පාරක් කපලා දුන්නෙත්
අකුණු පිරුණු වැහි වලාකුළුවලට මාර්ගයක් හදලා දුන්නෙත් කවුද?+
26 එහෙම කරලා මිනිස් වාසයක් නැති තැන්වලටත්
පාළුකරයටත් වැසි ඇද හැලෙන්න සලස්වන්නේ කවුද?+
27 වැසි වස්සලා, විනාශ වෙලා ගිය පාළු දේශ තෘප්තියට පත් කරන්නේ කවුද?
පොළොවෙන් තණකොළ හටගන්න සලස්වන්නේ කවුද?+
29 කාගේ කුසෙන්ද අයිස් කැට බිහි වෙන්නේ?
තුහින බිඳු* ජනිත කරන්නේ කවුද?+
30 මතුපිට තියෙන ජලය ගලක් වගේ මිදෙන්න සලස්වන්නේ කවුද?
ගැඹුරු ජලය මතුපිට අයිස් තට්ටුවක් හදන්නේ කවුද?+
32 ඔයාට පුළුවන්ද නියමිත කාලයේදී තාරකා මණ්ඩලයක්* කැඳවන්න?
ඈෂ් තාරකා මණ්ඩලයටත්* ඒකේ පුතුන්ටත් මඟ පෙන්වන්න ඔයාට පුළුවන්ද?
35 කැමති තැනකට අකුණු සැර යවන්න ඔයාට පුළුවන්ද?
ඒ අකුණු සැර ඔයා ළඟට ඇවිත් ‘අපි ආවා’ කියලා ඔයාට කියයිද?
37 වලාකුළු ගණන් කරන්න පුළුවන් තරම් ප්‍රඥාවක් තියෙන කෙනෙක් ඉන්නවාද?
අහසේ වතුර භාජන පෙරළන්න පුළුවන් කාටද?+
38 දූවිල්ල මඩවලට හරවන්නෙත්
පස් පිඩැලි එකකට එකක් බැඳලා තියන්නෙත් කවුද?