හිතෝපදේශ
9 සැබෑ ප්රඥාව ගෙයක් හදාගෙන තියෙනවා.
ඒ ගෙට කුලුනු හතක් තියෙනවා.
4 “අද්දැකීම් අඩු හැමෝම මෙහෙට එන්න.”
ඇය සිහිකල්පනාවෙන් වැඩ කරන්නේ නැති* හැමෝටම මෙහෙම කියනවා.
5 “එන්න, මගේ රොටි කන්න.
ඇවිත් මං මිශ්ර කරපු වයින් බොන්න.
7 සමච්චල් කරන කෙනෙක්ව නිවැරදි කරන කෙනාට අත් වෙන්නේ අගෞරවයයි.+
දුෂ්ටයෙක්ට අවවාද කරන කෙනාට අත් වෙන්නේ වේදනාවයි.
8 සමච්චල් කරන කෙනෙක්ට අවවාද කරන්න එපා. එයා ඔයාට වෛර කරයි.+
ප්රඥාවන්ත කෙනෙක්ට අවවාද කරන්න. එයා ඔයාට ආදරේ කරයි.+
9 ප්රඥාවන්ත කෙනෙක් එක්ක දැනුම බෙදාගන්න. එයා තවත් ප්රඥාවන්ත වෙයි.+
ධර්මිෂ්ඨ කෙනෙක්ට උගන්වන්න. එයා දැනුම තවත් වැඩි කරගනියි.
10 ප්රඥාව ලබාගන්න නම් කෙනෙක් මුලින්ම යෙහෝවාට ගරුබිය දක්වන්න ඕනේ.+
අවබෝධය ලබාගන්න නම් අතිශුද්ධ තැනැත්තාව දැන හඳුන ගන්න ඕනේ.+
12 ඔයා ප්රඥාවන්ත කෙනෙක් වුණොත් ඒකෙන් ප්රයෝජන ලැබෙන්නේ ඔයාටමයි.
ඒත් ඔයා සමච්චල් කරන කෙනෙක් නම් ඒකේ නරක ප්රතිඵල විඳින්න වෙන්නෙත් ඔයාටමයි.
එයා කිසි දෙයක් නොදන්න බොළඳ කෙනෙක්.
14 නුවරේ කන්දක් උඩ තියෙන එයාගේ ගෙයි දොරකඩ ළඟ එයා ඉඳගෙන ඉන්නවා.+
15 එතනින් යන එන අයට එයා අඬගහනවා.
නවතින්නේ නැතුව කෙළින්ම යන අයට එයා මෙහෙම කියනවා.
16 “අද්දැකීම් අඩු හැමෝම මෙහෙට එන්න.”