හිතෝපදේශ
24 නපුරු මිනිස්සුන්ට ඊර්ෂ්‍යා කරන්න එපා.
එයාලාගේ ඇසුරට ප්‍රිය කරන්නත් එපා.+
2 මොකද එයාලා හිතන්නෙම අනුන්ට අනතුරක් කරන එක ගැනයි.
එයාලා කතා කරන්නේ වෙන අයට හානි කරන විදි ගැනයි.
10 දුක් කරදර එද්දී ඔයා අධෛර්යය වුණොත්
ඔයාගේ ශක්තිය අඩු වෙලා යයි.
12 “අපි මේ ගැන දැනන් හිටියේ නැහැ” කියලා ඔයා කිව්වොත්
හිත* සෝදිසි කරන තැනැත්තා ඔයා කියන්නේ ඇත්තක්ද කියලා හොයලා බලන්නේ නැද්ද?+
ඔයා දිහා බලාගෙන ඉන්න තැනැත්තා ඔයාගේ හිතේ තියෙන දේ අනිවාර්යයෙන්ම දැනගන්නවා.
එක් එක් කෙනාගේ ක්‍රියාවලට අනුව ඔහු ප්‍රතිඵල දෙනවා.+
13 මගේ පුතේ, මීපැණි කන්න. ඒවා ඔයාට ගුණයි.
මීවදයෙන් වෑස්සෙන පැණිවලින් දිව පිනා යයි.
14 ඒ වගේ, ප්‍රඥාවෙනුත් ඔයාට ප්‍රයෝජන ලැබෙනවා.+
ඔයා ඒක හොයාගත්තොත් ඔයාට හොඳ අනාගතයක් තියෙයි.
ඔයාගේ බලාපොරොත්තු කඩ වෙන්නෙත් නැහැ.+
15 දුෂ්ට අදහසකින් ධර්මිෂ්ඨයාගේ නිවස ළඟ රැකගෙන ඉන්න එපා.
එයාගේ නිවහන විනාශ කරන්න එපා.
17 ඔයාගේ හතුරා වැටුණොත් ඒ ගැන ප්‍රීති වෙන්න එපා.
එයාගේ පය පැටලුණොත් සතුටු වෙන්න එපා.+
18 එහෙම කළොත් යෙහෝවා ඔයා ගැන සතුටු වෙන්නේ නැහැ.
ඒ කෙනා ගැන දෙවියන්ට තිබුණ කේන්තියත් නිවිලා යයි.+
19 නපුරු අය නිසා කේන්ති ගන්න එපා.
දුෂ්ටයන්ට ඊර්ෂ්‍යා කරන්නත් එපා.
20 මොකද නපුරු අයට කිසිම අනාගතයක් නැහැ.+
දුෂ්ටයන්ගේ පහන නිවලා දායි.+
21 මගේ පුතේ, යෙහෝවාටත් රජටත් ගැඹුරු ගෞරවයක් පෙන්වන්න.+
ඒ දෙන්නා* මොන වගේ විනාශයක් ගෙනෙයිද කියලා කවුද දන්නේ?+
23 මේවාත් ප්‍රඥාවන්තයන්ගේ කියමන්.
විනිශ්චය කරද්දී පැති ගන්න එක වැරදියි.+
24 කෙනෙක් “ඔයා ධර්මිෂ්ඨයි” කියලා දුෂ්ටයෙක්ට කිව්වොත්+
මිනිස්සු එයාට ශාප කරයි. ජාතීන් එයාව හෙළා දකියි.
26 අවංකව උත්තර දෙන කෙනාව සෙනඟ ආදරයෙන් සිපගනියි.*+
28 කිසිම පදනමක් නැතුව ඔයාගේ අසල්වැසියාට විරුද්ධව සාක්ෂි දෙන්න එපා.+
ඔයා කියන දේවලින් අනිත් අයව රවට්ටන්න එපා.+
32 මම ඒ දිහා බලලා පාඩමක් ඉගෙනගත්තා.
මම මේ දේ හිතට ගත්තා.