ගීතාවලිය
ආසාෆ් රචනා කරපු ගීයක්.+
3 ඔබේ සෙනඟට විරුද්ධව ඔවුන් හොර රහසේ කුමන්ත්රණය කරනවා.
ඔබ වස්තුවක් විදිහට සලකන ඔබේ සෙනඟට* විරුද්ධව කපටි උපායන් යොදනවා.
4 ඔවුන් මෙහෙම කියනවා. “අපි ඒ ජාතිය නැත්තටම නැති කරලා දාමු.+
එතකොට ඊශ්රායෙල් කියන නම හැමෝටම අමතක වෙලා යයි.”
5 ඔවුන් එකතු වෙලා ඔබට විරුද්ධව දුෂ්ට සැලසුම් යොදයි.*
ඔබට විරුද්ධව සටන් කරන්න* ඔවුන් එකඟතාවකට ඇවිත්.+
6 ඒදොම්වරු, ඉෂ්මායෙල්වරු,* මෝවබ්වරු,+ හග්රියවරු+ වගේම
9 ඔබ මිදියන්වරුන්ව පරාජය කරපු විදිහටම ඔවුන්වත් පරාජය කරන්න.+
කීෂොන් දිය පහර* ළඟදී සිසෙරාටත් යාබින්ටත් දඬුවම් කරපු විදිහටම ඔවුන්ටත් දඬුවම් කරන්න.+
11 ඔරෙබ්ට සහ ෂීබ්ට කරපු දේම ඔවුන්ගේ අධිපතීන්ටත් කරන්න.+
සෙබාහ්ට සහ ෂල්මුන්නාට කරපු විදිහටම ඔවුන්ගේ පාලකයන්ටත් කරන්න.+
12 මොකද ඔවුන් මෙහෙම කිව්වා. “අපි දෙවියන් වාසය කරන දේශය අයිති කරගමු.”
13 අනේ මගේ දෙවියනි, ඔවුන්ව හුළඟට ගහගෙන යන වේළිච්ච තණකොළ වගේ වෙන්න සලස්වන්න.+
පිදුරු වගේ ඔවුන්ව ගහගෙන යන්න සලස්වන්න.
14 වනාන්තරයක් දවලා දාන ළැව් ගින්නක් වගෙත්
කඳුකරයක් විනාශ කරලා දාන විශාල ගින්නක් වගෙත්+
15 ඔවුන් පස්සේ ගිහින් ඔබේ කුණාටුවෙන් ඔවුන්ව විනාශ කරලා දාන්න.+
චණ්ඩ මාරුතයක් එවලා ඔවුන් තුළ ලොකු බයක් ඇති කරන්න.+
16 යෙහෝවා දෙවියනි, ඔවුන්ගේ මුහුණු ලැජ්ජාවෙන් වැහිලා යන්න සලස්වන්න.
එතකොට ඔවුන් ඔබ වෙතට හැරිලා ඔබේ නමින් අයැදියි.