පෙරවදන
සෑම දවසක් පාසාම ශරීර සෞඛ්‍යය පිළිබඳව ආචාර ධර්ම හා සම්බන්ධ තීරණවලට මුහුණ දෙති: ඉන්ද්රියයන් බද්ධ කිරීම, ගබ්සා කිරීම, “මිය යෑමට ඇති අයිතිය” යනාදිය මින් සමහරකි. මෙම ගැටලුවලට ඔබහට කිසිදාක මුහුණ දීමට සිදුනොවීම අපගේ බලාපොරොත්තුවයි.
එහෙත්, ඔබගේ අවධානය ඉල්ලා සිටින එක් ප්‍රධාන ප්‍රශ්නයක් ඇත: එනම් ජීවිතය ගලවා ගැනීමට රුධිරය උපයෝගි කරගත හැක්කේ කෙසේද? යන්නයි.
හොඳ හේතු ඇතිව, අදදින වෙසෙන බොහෝ දෙනෙක් මෙසේ අසති: ‘රුධිර ප්‍රවේශන කොතරම් ආරක්ෂා සහිතද? එහෙත් මෙය වෛද්‍ය ප්‍රශ්නයකට වඩා වැඩි යමක් වේ. එය යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් හා සම්බන්ධයෙන් සුප්‍රසිද්ධ විෂයක් බවට පත්ව ඇත. හොඳ වෛද්‍ය කර්මය කෙරෙහි විශ්වාසය තබන, ආචාර ධර්මයන්ට ගරු කරන මෙම ජන පිරිස, රුධිරය ලබාගැනීම ප්‍රතික්ෂේප කරන්නේ ඇයිදැයි ඔබ කල්පනා කර තිබෙනවාද?
ඔබ දක්නට යන පරිදි, රුධිර භාවිතයේ වෛද්‍ය මෙන්ම සදාචාරමය පැති ඔබගේ වඩාත්ම අනගි සම්පත වන ජීවිතය ගලවා ගත හැකි ආකාරය මත ඍජු බලපෑමක් ඇති කරයි.