20වෙනි පාඩම
හොඳ අවසානයක්
දේශනාකාරයා 12:13, 14
සාරාංශය: අවසානයක් විදිහට ඉගෙනගත්ත දේවල් පිළිගන්න සහ ඒවා අදාළ කරගන්න සවන් දෙන අයව උනන්දු කරන්න.
ඒක කරන විදිහ:
අවසානයේදී කියන දේ කතා කරපු විෂයට සම්බන්ධ කරන්න. ප්රධාන කරුණු සහ තේමාව ආයෙත් කියන්න.
ක්රියාවට පොලඹවන්න. කරන්න ඕනෙ මොනවාද, ඒවා කරන්න ඕනෙ ඇයි කියලා පෙන්වලා දෙන්න. ඔයා කියන දේවල් ගැන ඔයාට විශ්වාසයි, ඒවා වැදගත් කියලා පැහැදිලි වන විදිහට කතා කරන්න.
අවසානයේදී කියන දේවල් සරලව, කෙටියෙන් කියන්න. අලුත් කරුණු හඳුන්වා දෙන්න එපා. ඉගෙනගත්ත දේවල් අදාළ කරගන්න දිරිගන්වද්දී කෙටියෙන් ඒක කරන්න.