සමුළුව
විශේෂ අරමුණක් සඳහා මිනිසුන් එකට එක්රැස්වීමක් හෝ හමුවීමක්; එක්රැස්වීමකි. ශුද්ධ ලියවිල්ලේ, “සමුළුව [convention]” යන යෙදුම, මික්·රා’ʹ යන හෙබ්‍රෙව් වචනයේ පරිවර්තනයක් ය, මෙහි තේරුම “එකට හමුවීමක්,” හෝ “එකට රැස්කිරීමක්; කැඳවීමක්” යන්න ය. මෙම හෙබ්‍රෙව් වචනයේ තවත් විකල්ප අනුවර්තනයක් නම්, “සම්මේලනය [convocation]” යන්න ය. මෙහි මූලික අර්ථය ගෙනහැර දැක්වීම යොදා ගන්නා වූ ගණන් කථාව 10:2, ඊශ්‍රායෙල් සභාව එක් රැස්කරවීමේ අදහසක් කියා පායි.—යෙසායා 1:13 NW පාද සටහන සසඳන්න.
“ශුද්ධ සමුළු” සැලසුම් කරන ලද්දේ පහත සඳහන් ලෙස ය: (1) සෑම සබත් දිනයක ම (ලෙවී 23:3); (2) පළමු මාසය වන නීසාන් මාසය අතරතුරේ දී (මාර්තු-අප්‍රියෙල්), පළමු සහ සත්වෙනි දවසේ මුහුන් නුමුසු රොටි මංගල්‍යය; (ගණන් 28:18, 25; ලෙවී 23:6-8); (3) සති මංගල්‍යය හෝ, තුන් වෙනි මාසය වන සිවාන් මාසයේ (මැයි-ජුනි) දී, පවත්වන ලද, පසු ව පෙන්තකොස්ත යනුවෙන් හැඳින්වූ අස්වනු මංගල්‍යය (ලෙවී 23:15-21); (4) සත්වෙනි මාසය වූ එතානිම් හෝ තිෂ්රි (සැප්තැම්බර්-ඔක්තෝබර්) පළමු වෙනිදා හා දසවෙනිදා, දසවෙනිදා සමගිකමක් කිරීමේ දවස විය (ලෙවී 23:23-27; ගණන් 29:1, 7); (5) කූඩාරම් මංගල්‍යයේ පළමු වෙනි දවස, මෙය ආරම්භ වූයේ සත් වෙනි මාසය වූ එතානිම් හෝ තිෂ්රි හි 15වන දාය, තව ද එම දවස් සතේ මංගල්‍යයට පසු දින ය.—ලෙවී. 23:33-36.
මෙම “ශුද්ධ සමුළුවල” සියල්ලේ තිබූ කැපී පෙනෙන විශේෂත්වයක් නම්, මේ කාලය අතරතුර ජනයා වෙහෙස මහන්සි වී කිසිදු වැඩක් නොකළ යුතු වීමයි. නිදසුනක් වශයෙන්, මුහුන් නුමුසු රොටි මංගල්‍යයේ පළමු සහ සත්වෙනි දවස් “ශුද්ධ සමුළු [NW]” වූ අතර, මේ සම්බන්ධ ව යෙහෝවඃ වහන්සේ මෙසේ සඳහන් කළ සේක: “ඒ දවස්වල කිසි වැඩක් නොකළ යුතුව, එකිනෙකාගේ කෑම පිණිස උවමනා වැඩක් පමණක්ම කළ යුතුය.” (නික් 12:15, 16) කෙසේ වුවද, “ශුද්ධ සමුළු” අතරේ දී යෙහෝවඃ වහන්සේට පූජාවන් ඔප්පු කරමින් පූජකයෝ වැඩ බහුල ව සිටියහ (ලෙවී 23:37, 38, NW), සහතික ව එදිනෙදා සාමාන්‍ය වැඩවල යෙදීමක් වූ මෙය, කිසි අණක් උල්ලංඝනය කිරීමක් නොවී ය. මෙම අවස්ථාවන් සාමාන්‍ය ජනයා සඳහාවත් අලස ව සිටීමට කාලයක් නොවූ අතර, නමුත් මේවා මහත් ආත්මික ප්‍රයෝජන ගත හැකි කාලවල් විණි. සති පතා සබත් දවසේ, ප්‍රසිද්ධ නමස්කාරය හා උපදෙස් සඳහා ජනයා එකට රැස්වූහ. ඉන් පසු ව, දෙවියන් වහන්සේගේ ලිඛිත වචනය ප්‍රසිද්ධියේ කියවීමෙන් සහ පහදා දීම මගින් ඔවුන් ව දැනුවත් කරනු ලැබූ අතර, පසු ව මෙය සිනගෝගවලදී ද සිදු විණි. (ක්‍රියා 15:21) එමනිසා, සබත් දිනයේ හෝ වෙනත් “ශුද්ධ සමුළු” දිනවල ජනයා වෙහෙස මහන්සි වී වැඩ නොකළ අතරේ දී, ඔවුන් මැවුම්කරුවාණන් සහ උන් වහන්සේගේ අරමුණු සම්බන්ධ ව මෙනෙහි කිරීමට හා යාච්ඤා කිරීමට තමන් ව කැප කර ගන්නවා ඇත. it-1 pp 503/504