දෙවි කෙරෙහි ඇදහිල්ල ප්රාතිහාර්යයක්ම වෙන්න ඕනෙද?
දෙවිව හොයන්න පටන්ගන්නකොට ඇල්බට් සිටියේ වයස අවුරුදු විසි ගණන්වල මුල්කාලයෙයි. ඔහු ආගම් ගණනාවක් අත්හදා බැලුවත් එයින් තෘප්තිමත් වුණේ නැහැ. නෝවා, ආබ්‍රහම්, සාරා සහ මෝසෙස් වැනි අය එක්ක දෙවි කටයුතු කළේ කොහොමද කියල බයිබලයේ කොටස් කියවීමෙන් ඔහු ඉගෙනගත්තා. බයිබලයේ දෙවි වෙත තමන් ඇදී ගිහිං තියෙන බව ඇල්බට්ට දැනුණා. කොහොමවුණත්, ඇත්තටම දෙවි ඉන්න බවට ඔහුට ස්ථිර විය හැකිද?
එක් සන්ධ්‍යාවක හුදකලා ප්‍රදේශයකට ගිය ඇල්බට් මෙහෙම යාච්ඤා කළා: “අනේ දෙවියනේ, ඔබ ජීවමාන බව ඔප්පු කරගන්න කරුණාකරලා මට ලකුණක් දෙන්න.” ඇල්බට් බලං ඉඳලා බලං ඉඳලා අන්තිමේදී කිසිම දෙයක් වුණේ නැති හින්දා, ඔහුගේ බලාපොරොත්තු “සුන්වීමටත්, හිස් බවටත්, කේන්තියටත් පෙරළුණු” හැටි ඔහු සිහි කරනවා.
තමන් නිරර්ථකයේ දෙවි සෙවීමේ යෙදී සිටි බව ඇල්බට්ට වගේ, තව බොහෝදෙනෙකුට හැඟිල තියෙනවා. ඔවුන් පූජකයන්ගේ දේශනාවලින් වියවුලට පත් වෙලා සිටිනවා විය හැකියි; නැත්නම් රූපවාහිනී එවැන්ජලිස්තවරුන්ගේ වාණිජ අරමුණු නිසා කලකිරිල සිටිනවා විය හැකියි. ක්‍රිස්තියානියයි කියාගන්නාවූ අසල්වැසියන් අතර පවා තියෙන කුහකකම හින්දා මොනවා විශ්වාස කරන්නද කියල සම- හරුන්ට ස්ථිර නැහැ. එහෙත්, ඉපැරණි ඉශ්රායෙල්හි දාවිත් රජු තම පුත් සාලමොන්ට මෙහෙම සහතික වුණා: “නුඹ [දෙවි] සොයනවා නම් [ඔහු] නුඹට සම්බවෙනවා ඇත.”—1 ලේකම් 28:9.
ඉතිං, එහෙනම්, දෙවි තමන්ව එළිදරව් කරන්නේ කොහොමද? දෙවි ජීවමාන බව ඔප්පු කිරීමට යම් ආශ්චර්යවත් සිදුවීමක් ඔබ අපේක්ෂා කළ යුතුද? මෑතකදී සිදු කළ ඡන්ද විමසුමකට අනුව, අමෙරිකානුවන් තුනෙන් දෙකකට වඩා වැඩි සංඛ්‍යාවක් ප්රාතිහාර්යයන් විශ්වාස කරන බව ටයිම් සඟරාව වාර්තා කළා. “තමන්ගේ නමස්කාරය ‘ලකුණුද පුදුමද’ වටා ගෙතී ඇති කැරිස්මැටික් සහ පෙන්තකොස්ත සභා, අමෙරිකාවේ වේගයෙන් වර්ධනය වන පල්ලි” ලෙසද එම ලිපියේ සඳහන් කර තිබුණා.
දෙවි කෙරෙහි විශ්වාසය තබන්න ‘ලකුණු සහ පුදුම’ සිදු වෙන්නම ඕනෙද? අතීතයේදී ඔහු ප්රාතිහාර්යය යොදාගෙන තියෙනවා. ඒක මෙහෙම නිදර්ශනය කරමු: දෙවිගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන්ට පීඩා කළ තාර්සස්හි සාවුල්, යෙරුසලමේ සිට දමස්කයට යන අතරමඟදී අද්භූත අද්දැකීමකට මුහුණ දුන්නා. නැවත නැඟුටුවනු ලැබූ යේසුස්ගේ මෙම ප්රාතිහාර්යමය සිද්ධිය සාවුල්ගේ හැරීමට මඟ පෑදුවා. (ක්‍රියා 9:1-22) මෙලෙස, කලින් පීඩා කරන්නෙක් වූ ඔහු ප්‍රේරිත පාවුල් බවට පත් වුණා—එනම් ක්‍රිස්තියානි ධර්මයට පක්ෂව කතා කළ ඉතා වැදගත් ප්‍රචාරකයෙක්!
එහෙත් ප්රාතිහාර්යයන් කොයිවෙලේත් එවැනි හිතකර ප්‍රතිචාරයක් ඇති කරනවාද? දෙවි කෙරෙහි ඇදහිල්ල තැබිය හැකි වන්නේ, කෙනෙක් යම් ප්රාතිහාර්යයක් අද්දැක තිබුණොත් විතරද?
[3වන පිටුවේ පින්තූරය]
දේවපුත්‍රයා ප්රාතිහාර්යමය ලෙස තාර්සස්හි සාවුල්ට කතා කළා. ඔබත් ප්රාතිහාර්යයක් බලාපොරොත්තු වෙනවාද?