පවිත්‍ර රනටත් වඩා අගනා යමක්
දිගු කල් පවතින දිදුලන රත්තරන් බොහෝදෙනෙකුගේ සිත් ගනී. වෙනත් ලෝහ මෙන් නොව රත්තරන් ජලය, ඔක්සිජන්, ගෙන්දගම් වැනි ද්‍රව්‍යයන් සමඟ ප්‍රතික්‍රියා නොකරයි. එමනිසා එහි දිදුලන ස්වභාවය කෙදිනකවත් නැති නොවේ. ඇත්තෙන්ම කියනවා නම්, මුහුදුබත් වූ නැව්වලින් සහ වෙනත් ස්ථානවලින් සොයාගත් අවුරුදු සියගණනක් පැරණි රන් වස්තූන්වල දිදුලන ස්වභාවය නොඅඩුව පවතින බව පෙනෙන්ට තිබේ. මෙම කාරණා සලකා බලද්දී, බොහෝදෙනෙකු රත්තරන් අගනා යමක් සේ සැලකීම පුදුමයට කාරණයක් නොවේ.
ඒ කෙසේවෙතත් ‘ගින්නෙන් සෝදිසි කරන්නා වුවද නාස්ති වන්නා වූ රනටත් වඩා අගේව තිබෙන’ මෙන්ම දිගු කල් පවතින යමක් ගැන බයිබලයේ සඳහන් වේ. (1 පේතෘස් 1:7) “ගින්නෙන් [සහ වෙනත් ක්‍රියාවලීන් මගින්] සෝදිසිකරන්නාවූ” හෝ පිරිසිදු කරන්නාවූ රත්තරන් සියයට 99.9ක් තරම් පිරිසිදු තත්වයකට ගෙනෙන්න පුළුවන් බව කියැවේ. කෙසේවෙතත්, පිරිසිදු කරන ලද රත්තරන් පවා, හයිඩ්රක්ලෝරික් අම්ලය සියයට 75ක් හා නයිට්‍රික් අම්ලය සියයට 25ක් අඩංගු ඇක්වා රෙජියා (රාජ අම්ලය) ද්‍රාවණය සමඟ ප්‍රතික්‍රියා කරමින් නාස්ති වී හෝ දිය වී යයි. එබැවින් රත්තරන් ‘නාස්ති වන’ බව පවසන බයිබලය විද්‍යානුකූලව නිවැරදියි කියා පැවසිය හැක.
ඊට හාත්පසින්ම වෙනස්ව, සැබෑ ක්‍රිස්තියානියෙකුගේ ‘ප්‍රාණය විනාශයෙන් ගැළවීමට’ඇදහිල්ලට බලය තිබේ. (හෙබ්‍රෙව් 10:39) යේසුස් ක්‍රිස්තුස්ව විනාශ කර දැමුවාක් මෙන්, ශක්තිමත් ඇදහිල්ලක් ඇතුව සිටින අයවද විනාශ කර දමන්න මනුෂ්‍යයන්ට පුළුවන. ඒත්, එවැනි ඇදහිල්ලක් ඇතුව සිටින අයට මෙසේ සහතික කර ඇත. ‘මරණය දක්වාම විශ්වාසවන්තව සිටින්න, එවිට මම ජීවනයේ ඔටුන්න ඔබට දෙන්නෙමි.’ (එළිදරව් 2:10) මරණය දක්වාම විශ්වාසවන්තව සිටින අයව දෙවි කිසිවිටෙක අමතක නොකරන්නේය. සැමදා ඔහුගේ මතකයේ රැඳෙන මොවුන්ව නැවත නැඟිටුවන බවට දෙවි පොරොන්දු කරයි. (යොහන් 5:28, 29) එවැනි දෙයක් කිරීමට රත්තරන්වලට පුළුවන්ද? ඇත්තෙන්ම නොහැකිය. එබැවින් ඇදහිල්ල රන්වලට වඩා බොහෝ අගනා බව පිළිගත යුතුයි. ඒත්, එවැනි වටිනාකමක් තිබීමට නම් ඇදහිල්ල පරීක්ෂණයට ලක් කර සෝදිසි කළ යුතුයි. ඇත්තෙන්ම පේතෘස් පැවසූ ආකාරයට ‘ඇදහිල්ල පරීක්ෂාවට ලක් කර’ ඔප්පු කිරීමෙන් පසුවයි එය රන්වලටත් වඩා අගනා වන්නේ. බයිබල් අධ්‍යයනය මගින් යෙහෝවා දෙවි සහ ඔහුගේ පුත් යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි ගැඹුරු ඇදහිල්ලක් දිගින් දිගටම වර්ධනය කරගැනීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔබට උපකාර කරන්න කැමැත්තෙන් සිටී. එසේ කිරීමෙන් ඔබට “සදාකාල ජීවනය” අත් කරගත හැකි බව යේසුස් පොරොන්දු වේ.—යොහන් 17:3.