ඔබ එහි සිටිනු ඇද්ද?
පසුගිය වසරේදී, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ “ප්‍රීතිමත් ප්රශංසාකරන්නෝ” දිස්ත්‍රික් සමුළුවට ලොව වටා 87,00,000කට අධික පිරිසක් පැමිණ සිටියහ. “දේවසමාදානයේ දූතයෝ” දිස්ත්‍රික් සමුළුවලින් එකකට ඔබ පැමිණෙනු ඇද්ද? පැමිණීමට ඔබට සාදරයෙන් ආරාධනා කරමු.
බොහෝ ස්ථානවල, සමුළුව සිකුරාදා උදෑසන 9:30ට සංගීත වැඩසටහනකින් ආරම්භ වේ. “දෙවියන්වහන්සේට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?” යන මැයෙන් යුත් දිරිගන්වනසුලු කතාව ආරම්භක සැසිවාරයේ විශේෂාංගයක් වනු ඇත. දෙවියන්වහන්සේට ඕනෑ කරන දේ කිරීමට මිලියන සංඛ්‍යාත වෙනත් අයට උපකාර කිරීම සඳහා අපට යොදාගත හැකි තොරතුරු එහි අඩංගු වනු ඇත.
“දෙවියන්වහන්සේට ඕනෑ කරන්නේ කුමක්ද කියා ඉගෙනීමට අන්‍යයන්ට උපකාර කිරීම” නමැති දහවල් කාලයේ ඉදිරිපත් කරන කතාව, ගෝලයන් සෑදීමේ වැඩයෙහි වඩාත් බලපෑමෙන් යුක්තව හවුල්වීමට සමුළුවට සහභාගි වන්නන්ව සන්නද්ධ කරනු ඇත. අනතුරුව “විනෝදාස්වාදයේ සැඟවුණු මලපත් සම්බන්ධයෙන් අවදිව සිටින්න” නමැති කොටස්-දෙකකින් යුත් කතා මාලාවෙන්, මඟහැරිය යුතු භූතමය මලපත් සම්බන්ධයෙන් අනතුරු අඟවනු ලැබේ. සිකුරාදා වැඩසටහන අවසන් වන්නේ “දේවවචනයෙහි සම්පූර්ණත්වය පක්ෂපාතව රැකගැනීම” යන වැදගත් කතාවෙනි.
සෙනසුරාදා උදෑසන වැඩසටහන, “සමාදානයේ ශුභාරංචි ගෙනයන දූතයෝ” නමැති කොටස් තුනකින් යුත් කතා මාලාවෙන් ගෝලයන් සෑදීමේ වැඩයේ වැදගත්කම කාවද්දවනු ඇත. එම සැසිවාරයේ අවසාන කතාව කැපවීම සහ බව්තීස්මයට සම්බන්ධ වනු ඇති අතර, ඉන් අනතුරුව නව ගෝලයන්ගේ බව්තීස්මය සිදු වේ.
සෙනසුරාදා දහවල්, “කාරණා සම්බන්ධයෙන් යෙහෝවඃවහන්සේගේ කල්පනා සලකා බලන්න” යන මැයෙන් යුත් කතාව, වත්මන් විෂයන් සම්බන්ධයෙන් බොහෝදෙනෙකුට තිබී ඇති ප්‍රශ්නවලට උත්තර සපයයි. “සමාදානයේ දෙවියන්වහන්සේ ඔබ ගැන සැලකිල්ලක් දක්වයි” නමැති කොටස් දෙකකින් යුත් හද උණුසුම් කරවන කතා මාලාවෙන් ඔබ සතුටක් ලබනු ඇත. අනතුරුව, “පවුල් ජීවිතය තුළ දේවභක්තික සාමය ලුහුබඳින්න” නමැති, සැසිවාරයේ අවසාන කතාවේදී විශේෂ යමක් භුක්තිවිඳින්ට අවස්ථාව ලැබේ.
ඉරුදින උදෑසන “හරියාකාර දූතයන් හඳුනාගැනීම” යන මැයෙන් යුත් කොටස් තුනක කතා මාලාවේදී, දිවැසිවරුන්ගේ ආදර්ශවලින් කරුණු දැක්වීමෙන්, සමුළුවේ තේමාව ගෙනහැර දක්වනු ඇත. විනිශ්චයකාර ගිඩියොන් සම්බන්ධ බයිබල් වාර්තාවෙන් අගනා පාඩම් හුවා දක්වන වෙස්ගැන්වූ නාට්‍යයකින් උදෑසන සැසිවාරය අවසන් වනු ඇත.—විනිශ්චයකාරයන් 6:11-8:28.
“අන්තිමේදී සැබෑ සමාදානය!—කුමන උල්පතකින්ද?” යන මාතෘකාවෙන් යුත් ප්‍රසිද්ධ අනුශාසනාව, ඉරිදා දහවල් සමුළුවේ අවසාන සැසිවාරයේ විශේෂාංගය වේ. “දේවසමාදානයේ දූතයෝ වශයෙන් ඉදිරියට යෑම” නමැති පොලඹවනසුලු කතාවෙන් සමුළුව අවසන් වනු ඇත.