ප්‍රවීණ උයන්පල්ලෙක්
දකුණු අමෙරිකාවේ සිටින කොළ කපන කුහුඹුවා, ගෙවතුවගාව සම්බන්ධයෙන් ඌ සතු සංකීර්ණ ශිල්ප ක්‍රම මගින් ජීව විද්‍යාඥයන්ව විස්මයට පත් කරවනවා. ආහාර සපයාගැනීම සඳහා, මේ කුඩා කෘමියා කොළවල කොටස් කපන අතර, කැළෑ බිම් ප්‍රදේශවලින් සුන්බුන් එකතු කරගෙන, ඌගේ ගුලට ගෙනෙනවා. පසුව මේ කුහුඹුවා පොළොව යට තියෙන දිලීරවලට අවශ්‍ය පොහොර ලබා දීම සඳහා මේ සුන්බුන් කුඩු කරනවා. හොඳ ප්‍රතිඵල ලබාගැනීම සඳහා ඌ හදන දිලීර තබාගත යුතු උෂ්ණත්වයේ සහ තෙතමනයේ නියම ප්‍රමාණය මේ කොළ කපන්නා සහජයෙන්ම දන්නවා. අලුත් බිම් කොටසක මේ වැඩය කිරීම සඳහා, ඌ කලින් දිලීර වගා කර තිබූ භූමියේ සිට අලුත් කොළ පාත්තියකට යෑමෙන් කොළ කැපීම මාරු කරනවා. දිලීරවල වැඩීම උපරිම මට්ටමක තබාගැනීම සඳහා ඒවායේ වැඩීම පාලනය කිරීමේ විශේෂ හැකියාවක් පවා මේ කොළ කපන කුහුඹුවාට තියෙනවා. වේල්ස්හි පර්යේෂකයන් නිරීක්ෂණය කර තියෙනවා, උයන්වතු වැවීමේ ශාස්ත්‍රය ගැන දක්ෂතාවක් තියෙන මේ සතා, ඌගේ ගුලට අවශ්‍ය ආහාරවල ප්‍රමාණයට අනුව, ඌ ඒ සඳහා ගන්නා උත්සාහයන් සකස් කරගන්නා අතර, එතුළින් කාලය හා ශක්තිය ඉතුරු කරන බව.
හුඟක් වෙහෙස මහන්සි වෙලා කරන වැඩ ගෙවතුවගාවට අයත් වන අතර, මේ වැඩය සම්බන්ධයෙන් කොළ කපන කුහුඹුවා කරන දෙය පුදුමයට හේතුවක් වෙනවා. බයිබලයේ කියන මේ දෙය පුදුමයක් නෙමේ: “අලසය, කුහුඹුවා ළඟට ගොස්, උගේ මාර්ග බලා, ඥාණවන්ත වෙන්න. ඌට ප්‍රධානියෙක්වත් මුළාදෑනියෙක්වත් ආණ්ඩුකාරයෙක්වත් නැති නුමුත්, ග්‍රීෂ්ම කාලයේ ඌ උගේ ආහාර සපයා ගනියි, ගොයම් කපන කාලයේ උගේ කෑම රැස්කරගනියි.” (හිතෝපදේශ 6:6-8) ඇත්තෙන්ම, කොළ කපන කුහුඹුවා සතු සහජ බුද්ධිය, උගේ මැවුම්කරු වන යෙහෝවා දෙව්ගේ ප්‍රඥාව ගැන සාක්ෂි සපයනවා.—හිතෝපදේශ 30:24, 25.