බයිබලයෙන් පිළිතුරක්
විශ්වාස කරන දෙයට පදනමක් අවශ්‍යද?
බොහෝ දර්ශනවාදීන් හා ලේඛකයන්ගේ මතය වන්නේ ‘ඇදහිල්ල හෙවත් විශ්වාසය යනු කිසිම පදනමක් නැතුව ඕනෑම දෙයක් පිළිගැනීම’ යන්නයි. ඒ වගේම යමක් විශ්වාස කිරීමට ඒ ගැන පූර්ණ අවබෝධයක්වත් පදනමක්වත් අවශ්‍ය නැහැ කියා ඔවුන් පවසනවා.
සමහර ආගමික විශ්වාසයන්ට පදනමක් නැති බව ඇත්තයි. නමුත් මේ ගැන සිතන්න. කාලයක් පුරා විද්‍යාඥයන් හරියි කියා විශ්වාස කළ සමහර දේවල් පදනම් විරහිත බව පසු කාලයේදී ඔප්පු වුණා. එසේ වූ පමණින් ඔවුන් විශ්වාස කරන සෑම දෙයක්ම පදනමක් නැති අන්ධ විශ්වාසයන් කියා පැවසීම සාධාරණද? නැහැ. ආගමික විශ්වාසයන් සම්බන්ධයෙන්ද එය සත්‍යයක්. බයිබලයේ සඳහන් වන්නේ සැබෑ විශ්වාසයක් ගොඩනැඟීමට හොඳ පදනමක් වගේම ඒ ගැන පූර්ණ අවබෝධයක් අත්‍යවශ්‍ය බවයි.
විශ්වාසයට පදනම
බයිබලයේ අපට දිරිගන්වන්නේ “බුද්ධිමත් ලෙස දෙවිට පරිශුද්ධ සේවයක් පිරිනමන්න” කියායි. (රෝම 12:1) ඒ අනුව දෙවි ගැනත් බයිබලයේ ඇති ඉගැන්වීම් ගැනත් කෙනෙකුට විශ්වාසයක් ඇති වීමට කාරණා දෙකක් ඉටු විය යුතුයි. එනම් දෙවි සහ බයිබලය ගැන නිවැරදි දැනුමක් ලබාගැනීම සහ ඒ දේවල් හොඳින් අධ්‍යයනය කිරීමයි. එසේ ගොඩනඟාගන්නා විශ්වාසයක් අන්ධ විශ්වාසයක් වෙන්නේ නැහැ.
මෙම උදාහරණය ගැන සිතන්න. පරිගණකයක් ක්‍රියාත්මක වීමට නම් එයට දත්ත ඇතුළත් කළ යුතුයි. තාක්ෂණය අතින් ඉහළ පරිගණකයකට වුණත් නිවැරදි දත්ත ඇතුළත් කළේ නැත්නම් ඉන් නිවැරදි ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ හා සමානව කෙනෙකුට නිවැරදි දැනුමක් ලැබෙන්නේ නැත්නම් ඔහු ගොඩනඟන විශ්වාසයද සැබෑ එකක් වන්නේ නැහැ. එයින් සිදු වන්නේ කෙනෙක් තමාවම රවටාගැනීම පමණයි. ‘විශ්වාසයක් ඇති වන්නේ පණිවිඩයට සවන් දුන්නොත් පමණයි’ කියා බයිබලයේ සඳහන් වෙන්නේ හොඳ හේතු ඇතුව බව පැහැදිලියි.—රෝම 10:17.
සැබෑ හා ශක්තිමත් විශ්වාසයක් ගොඩනැඟීමට නම් ‘සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක්’ අත්‍යවශ්‍යයි. (1 තිමෝති 2:4) එවිට වැරදි ආගමික ඉගැන්වීම්වලින් හා බොරු මතවලින් එම “සත්‍යය ඔබට නිදහස ලබා දෙනවා.” (යොහන් 8:32) ඒ නිසා බයිබලයේ අපිට පවසන්නේ ‘අනුන් පවසන සෑම දෙයක්ම විශ්වාස නොකරන්න’ කියායි. (හිතෝපදේශ 14:15) ඒ වගේම යමක් විශ්වාස කිරීමට පෙර ඒ ගැන ‘සෝදිසි කර බලන්න’ කියාද එහි අපට දිරිගන්වනවා. (1 තෙසලෝනික 5:21) ඒ සම්බන්ධයෙන් පුරාණයේ සිටි බෙරීයවරුන් කදිම ආදර්ශයක්. ඔවුන්, දේශනා කළ දේවල් නිකන්ම පිළිගන්නවා වෙනුවට ‘තමන් ඇසූ දේවල් සැබෑද කියා බැලීමට දිනපතාම ශුද්ධ ලියවිල්ල හොඳින් පරීක්ෂා කර බැලුවා.’—ක්‍රියා 17:11.
බයිබලය විශ්වාස කළ හැකිද?
බයිබලයේ තිබෙන තොරතුරු ඔබට විශ්වාස කළ හැකි නිවැරදි ඒවාද? උදාහරණයකට මෙසේ සිතන්න. සාමාන්‍යයෙන් පුද්ගලයෙකුව විශ්වාස කිරීමට පෙර අපි ඔහුගේ හැසිරීම යම් කාලයක් පුරා නිරීක්ෂණය කරනවා. ඉන්පසු ඔහු ළඟ හොඳ ගතිගුණ තිබෙන බව අපට වැටහෙනවා නම් අපි ඔහුව විශ්වාස කරන්න පෙලඹෙනවා. බයිබලය සම්බන්ධයෙන්ද එය සත්‍යයක්.a
ඇත්තටම විශ්වාසය යනු කුමක්ද? එය බයිබලයේ විස්තර කර තිබෙන්නේ මේ ආකාරයටයි. “විශ්වාසය යනු තමන් බලාපොරොත්තු වන දේවල් ඉටු වන බව කිසි ලෙසකින්වත් සැක නොකිරීමයි. එසේම තමන් විශ්වාස කරන දේ ඇසට නොපෙනුණත් ඒවා සැබෑ බවට ස්ථිර සාක්ෂි ඇති නිසා ඒවා නිසැකව පිළිගැනීමයි.” (හෙබ්‍රෙව් 11:1) කෙනෙක් යමක් විශ්වාස කිරීමට පෙර ඒ පිළිබඳව තිබෙන සාක්ෂි සොයා බලා, ඒ ගැන හොඳ අවබෝධයක් ලබාගත යුතුයි. ඉන්පසුව ඒ දෙය ඇසට නොපෙනුණත් සාක්ෂි තිබෙන නිසා, ඒ ගැන ඔහුට හොඳ විශ්වාසයක් තබාගන්න පුළුවන්.
නමුත් ඔබ කාලයක් පුරා විශ්වාස කළ දෙයක් වැරදියි කියා ඔබ දැන් දැනගත්තා නම් ඔබ කරන්නේ කුමක්ද? එය ගණන් නොගෙන සිටීමද? නැහැ. ඔබට කළ හැකි දේ වන්නේ එය වැරදියි කියා පැවසීමට හේතු සොයා බැලීමයි. සත්‍යය කුමක්ද කියා ඉතා උනන්දුවෙන් සොයන අයට දැනුම, අවබෝධය සහ ප්‍රඥාව ලබා දෙන බවට දෙවි පොරොන්දු වී තිබෙනවා.—හිතෝපදේශ 2:1-12.
අනික් අතට අද දින බොහෝ අය පාරම්පරිකව එන දේවල් විශ්වාස කළත් ඇත්තටම ඒවා විශ්වාස කිරීමට සාක්ෂි තිබෙනවාද කියා කවදාවත් සොයා නැහැ. බයිබලය විශ්වාස කිරීමට නම් පදනමක් තිබෙනවා. දෙවි අපට උනන්දු කරන්නේ අවබෝධයකින් යුතුව දේවල් විශ්වාස කරන්න කියායි. (රෝම 12:2) ඒ අනුව ඔබ දැනටමත් විශ්වාස කරන දෙයට පවා පදනමක් තිබෙනවාද කියා සොයා බලන්න. බයිබලයේ අපට තවදුරටත් පවසන්නේ ‘සෑම පණිවිඩයක්ම විශ්වාස නොකර එම පණිවිඩ ඇත්තටම පැමිණෙන්නේ දෙවිගෙන්ද කියා සෝදිසි කර බලන්න’ කියායි. (1 යොහන් 4:1) ඔබ එසේ කරනවා නම් “ඔබට තිබෙන බලාපොරොත්තුව ගැන විමසන සියලුදෙනාට පිළිතුරු දීමට” ඔබට හැකි වෙයි.—1 පේතෘස් 3:15.
[පාදසටහන]
a බයිබලය විශ්වාසවන්ත පොතක්ද කියා දැනගැනීමට ඔබට අවශ්‍ය නම් මෙම සඟරාවේ ප්‍රකාශකයන්ට ලියන්න.
ම් ගැන ඔබ සිතුවාද?
● යම් දෙයක් විශ්වාස කිරීමට පෙර ඒ ගැන පූර්ණ අවබෝධයක් අවශ්‍යද?—රෝම 12:1, 2.
● සැබෑ විශ්වාසයකට අවශ්‍ය වන්නේ කුමනාකාරයේ දැනුමක්ද?—1 තිමෝති 2:4.
● බයිබලයට අනුව විශ්වාසය යනු කුමක්ද?—හෙබ්‍රෙව් 11:1.
[29වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
සත්‍යය සොයන අයට දෙවි ඒ සඳහා උපකාර කරයි