පොරොන්දු දේශයෙන් දර්ශන
ගලීල මුහුද අවට සංචාරය කිරීමට එන්න!
බයිබල් පාඨකයන් හට, ගලීල මුහුදට වඩා සැණෙකින් තම මනස්වලට නැඟෙන දර්ශන ඇත්තේ ස්වල්පයකි. එහෙත් ඔබගේ නෙත් පියා ගෙන, මෙම මිරිදිය මුහුද අවට තිබෙන ස්ථාන, එනම් යොර්දාන් ගඟ ඇතුල් වෙන තැන හා පිටවෙන තැන හෝ කපර්ණවුම සහ තිබේරියස් නගර තිබෙන තැන් සටහන් කරමින් මෙම මුහුද මනසින් මවා ගැනීමට ඔබට පුළුවන් ද?
අංක ගොනුව සමඟ සසඳමින්, පහත දක්වා ඇති ඉහළ සිට ගෙන ඇති දසුන අධ්‍යයනය කිරීමට කාලය ගන්න. අංක යොදා ඇති ස්ථාන කීයක් ඔබට නම් කළ හැකි ද? ඔබ ඒවා ගැන වඩාත් දැනගන්නවාත් සමඟ ම, ඔබගේ බයිබලය වඩාත් ජීවමාන වී අර්ථයෙන් සපිරිනු එකක් වනු ඇත. එම අරමුණ පෙරදැරි කර ගෙන, කෙටි, උපදේශාත්මක සංචාරයක් කිරීමට එන්න.
මෙම ඉහළ සිට ගෙන ඇති දර්ශනය යොමු වී ඇත්තේ ඊසාන දෙසට ය. අපි #1න් පටන් ගනිමු. එය මුහුදේ කිනම් කොටස ද? එසේ ය, එය දකුණු දිග කෙළවර ය, සමාරියාව හා ගිලියද් මැදින් යොර්දාන් ගඟ මළ මුහුදට වැටෙන්නේ එතැනිනි. වම් කෙළවරේ, ඔබට දක්නට ලැබෙන්නේ මුහුදේ මෙම කොටසේ සමීප දසුනකි, තව ද මෙය 1993 කැලෙන්ඩර් ඔෆ් ජෙහෝවාස් විට්නසස් හි ද දක්නට තිබේ.
ගලීල මුහුද, විභේද නිම්නයේ ගැඹුරට, මධ්‍යධරණී මුහුදේ සිට අඩි 700ක් පමණ පහළින් පිහිටා තිබේ. ඔබ ගුවනින් ගෙන ඇති දසුන පරීක්ෂා කරනවාත් සමඟ ම, එහි නැගෙනහිර වෙරළේ (#7 අවට) සිට විහිදෙන කඳු සැලකිල්ලට ගන්න. කඳු ගැටි සහ කඳු ඒ ළඟින් ම පිහිටි බටහිර වෙරළේ සිට ද නැගී යයි, එයින් අවධාරණය වන්නේ, මෙම මුහුද සැතපුම් 13ක දිගකින් ද අවම වශයෙන් සැතපුම් 7 1⁄2ක පළලින්ද බේසමක හැඩයක ආකාරයෙන් පිහිටා ඇති බව ය. වෙරළාසන්නයේ ගම් සහ තිබේරියස් (#2) වැනි නගර සඳහා පවා ඉඩකඩ ද තිබී ඇත. යේසුස් වහන්සේ ආශ්චර්යවත් ලෙස 5,000කට ආහාර දුන් ස්ථානය කරා තිබේරියස් සිට සමූහයක් ඔරුවලින් මුහුද හරහා ගමන් කළ බව සිහි කරන්න.—යොහන් 6:1, 10, 17, 23.
තිබේරියස් සිට මුහුදු තීරුව දිගේ උතුරට ගමන් කරනවාත් සමඟ, ඔබ සාරවත් දේශයක් වන ගෙන්නෙසරෙත් (#3) පසුකර යන්නෙහි ය.a මෙම ප්‍රදේශයේ දී, යේසුස් වහන්සේ කන්ද උඩ දේශනාව ඉදිරිපත් කළ අතර, පෙනෙන ආකාරයට අසල වූ මුහුදු වෙරළේ දී, මෙහි පෙන්වා ඇති පරිදි, උන් වහන්සේ “මිනිසුන් අල්ලන්නන්” වීමට පේතෘස් ව හා තවත් තිදෙනෙකු ව කැඳවූ සේක. (මතෙව් 4:18-22) ඔබ දිගට ම සංචාරය කරන විට, යේසුස් වහන්සේගේ වැඩකටයුතුවල මධ්‍යස්ථානයක් ව තිබූ, “තමන්ගේ ම නුවර” යනුවෙන් පවා යොමු දක්වනු ලැබූ කපර්ණවුමට ඔබ පැමිණෙන්නෙහි ය. (මතෙව් 4:13-17; 9:1, 9-11; ලූක් 4:16, 23, 31, 38-41) මුහුද වටේ නැගෙනහිර දෙසට යන ඔබ, යොර්දාන් ගඟේ ඉහළ කෙළවර මුහුදට (පහළ) වැටෙන තැන පසුකර (#5) යන්නෙහි ය. ඉන් පසු ඔබ පැමිණෙන්නේ බෙත්සයිදා යන ප්රදේශයටයි. (#6)
බයිබල් වාර්තාවන් වටහා ගෙන ඒවා මනසට නඟා ගැනීමට, ගලීල මුහුද පිළිබඳ ඔබගේ දැනුම ඔබට උපකාරවත් විය හැකි ආකාරය නිරූපනය කිරීමට මෙම ස්ථාන කිහිපය පවා අපට යොදා ගත හැක. යේසුස් වහන්සේ බෙත්සයිදා ප්‍රදේශයේ 5,000ක් පමණ ජනයා ව පෝෂණය කළ පසු, සහ සමූහයා උන් වහන්සේ ව රජෙකු කිරීමට උත්සාහ කළ විට, උන් වහන්සේ සිය ප්‍රේරිතයන් ව ඔරු මගින් කපර්ණවුමට යැවූ සේක. ඔවුන්ගේ මුහුදු ගමනේ දී, කඳු දෙසින් පැමිණි රළු කුණාටු මුහුදේ රළ ඉහළ නැංවූයේ ප්‍රේරිතයන් ව භීතියට පත්කරවමිනි. එහෙත්, මුහුද මත ඔවුන් කරා ඇවිදගෙන ආ යේසුස් වහන්සේ, කුණාටුව නිශ්චල කර, අසල වූ ගෙන්නෙසරෙත් ළඟ ගොඩ බැසීමට ඔවුන්ට හැකි කරවූ සේක. (මතෙව් 14:13-34) තිබේරියස් සිට පැමිණි අය, යළිත් කපර්ණවුමට ආවෝ ය.—යොහන් 6:15, 23, 24.
මුහුදේ නැගෙනහිර පැත්තෙන් නැවත ආරම්භ කරන ඔබ, “ගදරීන රට [හෙවත් ගෙරසීන]” යනුවෙන් හැඳින්වූ ප්‍රදේශය හරහා ගමන් කරන්නෙහි ය. මෙහි යේසුස් වහන්සේ විසින් මිනිසුන් දෙදෙනෙකුගෙන් භූතයන් ව පලවා හරිනු ලැබූ බව මතකයට නඟන්න. එම ආත්ම ඉතා වියරුවෙන් විශාල ඌරු රැළකට වැසී ගියෙන්, උන් වියරු ලෙස පර්වතයක් පසු කොට මුහුදට වැටුණෝ ය. ඉන් පසු, මේ එක් මිනිසෙක්, අසල වූ ග්‍රීක් බස කථාකරන නගරවල මේ ගැන සාක්ෂියක් දුන් අතර, යේසුස් වහන්සේ මේ ප්‍රදේශයට ළඟාවූයේ සහ ඉන් නික්ම ගියේ ගලීල මුහුද හරහා ඔරුවෙනි.—මතෙව් 8:28–9:1; මාර්ක් 5:1-21.
ඔබ ඔබගේ සංචාරය මුහුදේ පහළ කෙළවරින් අවසන් කරනවාත් සමඟ ම, පහළින් පිහිටි යොර්දාන් නදියට සෑහෙන වතුර ප්‍රමාණයක් ගෙන යන්නාවූ (යාර්මුක් නමින් හැඳින්වෙන) විශාල ගංගාවක් පසුකර යන්නෙහි ය.
පේතෘස් සහ අනෙක් ප්‍රේරිතයන් මසුන් අල්ලමින් සිටි විට (පහළ), යේසුස් වහන්සේ සිය නැවත නැගිටීමට පසු, ඔවුන් හට දර්ශනය වීම වැනි ගලීල මුහුද අවට සිදු වූ ඇතැම් සිදුවීම්වල ස්ථාන විශේෂයෙන් බයිබලයේ සඳහන් නොවේ. ඒවා සිදු වූයේ කපර්ණවුම අසල යයි ඔබ සිතනවා ද? එය කුමක් වුවත්, මෙම වැදගත් මුහුද පිළිබඳ ව ඔබගේ දැනුම, එය එසේ වූවායයි මනසේ මවා ගන්නට ඔබට උපකාරවත් වෙයි.
[පාදසටහන්වල]
a වර්ෂ 1992 ජනවාරි 1දා ද වොච්ටවර් හි “ගෙනසරෙට්—‘වන්ඩෆුල් ඇන්ඩ් බියුටිෆුල්’” නමැති ලිපිය බලන්න.
[24වන පිටුවේ පින්තූර]
1
2
3
4
5
6
7
උ
ද
නැ
බ
[24වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Pictorial Archive (Near Eastern History) Est.
[24වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Pictorial Archive (Near Eastern History) Est.
[24, 25වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Garo Nalbandian
[25වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Pictorial Archive (Near Eastern History) Est.