රාජ්‍යය ප්‍රකාශකයන්ගේ වාර්තාව
දෙවියන්වහන්සේගේ වචනය බලවත්ය
“දෙවියන්වහන්සේගේ වචනය ජීවමානය, බලවත්ය.” (හෙබ්‍රෙව් 4:12) බොරු ආගම්වලින් මුළා කරන ලද ජනයා බයිබලයේ සත්‍යයන්ට නිරාවරණය කරන ලද අවස්ථාවන් බොහොමයකදී මෙම වදන් සත්‍යය බව තහවුරු වී ඇත. ඩොමිනිකානු සමූහාණ්ඩුවෙන් වූ පහත අද්දැකීම පෙන්වන ආකාරයට, බයිබලයේ බලයට ජනයාගේ ජීවිත වෙනස් කර බලාපොරොත්තුවක් ලබා දිය හැකිය.
මෑතක කුඩා දරුවන් දෙදෙනෙකු මරණෙන් අහිමි වු ප්රමුඛපෙළේ කතෝලික කාන්තාවක බැහැදකින්ට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ ගියහ. ඈ ඉතා ශෝකයෙන් සිටි අතර තමාගේ දුක්මුසු සිද්ධිය ගැන සෑම දිනකම වැලපෙමින් සිටියාය. මෙහිදී නැවත නැගිටීමේ බලාපොරොත්තුව ගැන බයිබලය යොහන් 5:28, 29හි පවසන දෙය, සාක්ෂිකරුවෝ ඇයට පෙන්වූහ. සාක්ෂිකරුවන් සමඟ වැඩිමනත් සාකච්ඡා පැවැත්වීමෙන් පසු, නැවත නැගිටීමේ බලාපොරොත්තුව තුළ ඇය සහනයක් ලැබුවා පමණක් නොව, නමුත් තමාගේ කතෝලික ආගමික නායකයන් තමාව මුළා කරමින් සිටි බවද ඈ තේරුම් ගත්තාය.
ඉක්මනින්ම ඈ කතෝලික පල්ලියෙන් ඉවත්වූ අතර යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ විධිමත් බයිබල් පාඩමක් පිළිගත්තාය. කෙසේ වෙතත්, ඇයගේ පුරුෂයා, ඇයගේ දෘෂ්ටීන් සමඟ එකඟ වූයේ නැත. ඔහුද ප්රමුඛ පෙළේ කතෝලිකයෙකුව සිටි බැවින් ඇයගේ ක්‍රියාමාර්ගයෙන් ඇයව වැළැක්වීමටත් යළිත් ඇයව කතෝලික ධර්මය තුළට ගෙන ඒමටත් වෑයමක් වශයෙන් තමාගේ භාර්යාව බැහැදකින්නට ඔහු සුප්‍රකට දේශපාලන හා ආගමික මිත්‍රයන් සූදානම් කළේය. පසුව ඔහු දික්කසාද කරන බවට තර්ජනය කළ අතර, එක් අවස්ථාවක තමන් දික්කසාද වන බව සිය ඥාතීන්ට හා පල්ලියේ සෙසු සාමාජිකයන්ට පවා දන්වා සිටියේය.
එහෙත් ඔහුගේ දක්ෂ උපායවලින් වැඩක් වුණේ නැත. ඊට පටහැනිව, තමාගේ බයිබල් පාඩම් දිගටම කරගෙන යෑමට ඈ තව තවත් වැඩියෙන් අධිෂ්ඨාන කර ගත්තාය. ඇයගේ ආත්මික වර්ධනයත් කදිම ආත්මික ගුණාංග ඇය වැඩිදියුණු කර ගැනීමත් නිසා දික්කසාදයක් ලබා ගන්නවා වෙනුවට ඇයත් සමඟ ජීවත් වන්ට ඇයගේ පුරුෂයා තීරණය කර ගත්තේය. දිනක් ඇය ඉගෙන ගනිමින් සිටි බයිබල් ප්‍රකාශන පරීක්ෂා කර බලන්ට පවා ඔහු එකඟ වුවත්, ඒ එක් කොන්දේසියක් මතය. ඔහුට වුවමනා වූයේ තමාගේම කතෝලික බයිබල් පරිවර්තනය පාවිච්චි කරන්ටයි.
ඔහුව මවිතයට පත් කරමින්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් ලද ප්රකාශනවල ආධාරයෙන් ඔහු තමාගේම බයිබලයෙන් අලුත් දේවල් ඉගෙන ගන්නට පටන් ගත්තේය. තමාගේ භාර්යාව හරි මාර්ගය තෝරා ගෙන තිබූ බව ඔහු වටහා ගත් අතර ඉක්මනින්ම ඇගේ ආදර්ශය අනුගමනය කිරීමට ඔහුද සූදානම් විය. ඇත්ත වශයෙන්ම, තමාගේම ජීවිතයේ වෙනස්කම් කිරීමට තිබෙන අවශ්‍යතාව ඔහු දුටුවේය. එක් දුෂ්කර අභියෝගයක් වූයේ තමාගේ දුම්පානය කිරීමේ පුරුද්දෙන් ඉවත් වීමයි. “මරණය විකිණීමට තිබේ—දුම්බීම නතර කිරීමට මාර්ග දහයක්” නමැති තේමා පාඨයෙන් යුත් 1989, අගෝස්තු 8, පිබිදෙව්! සඟරාව කියවීමෙන් පසු ශුද්ධ ලියවිල්ලට පටහැනි මෙම පුරුද්ද අත්හැරීමට ඔහු තීරණය කළේය. පුරුද්දක් හැටියට තමාගේ සාක්කුවේ රැගෙන යන සිගරට් පැකට්ටුව වෙනුවට ඔහු පිබිදෙව්! සඟරාවේ මෙම කලාපය රැගෙන යන්ට පටන් ගත්තේය. දුම්පානය කරන්ට පෙලඹීමක් ලද සෑම අවස්ථාවකම, ඒ සම්බන්ධයෙන් වූ එම ලිපිය ඔහු කියෙව්වේය. එම ක්‍රමය සාර්ථක විය! එම ලිපිය වාර ගණනාවක් කියවීමෙන් පසු, දුම්පානය නැවැත්වීමට ඔහුට හැකි විය.
අදදින පුරුෂයා හා භාර්යාව යන දෙදෙනාම යෙහෝවඃවහන්සේගේ බව්තීස්ම ලත් දේව සේවකයෝ හැටියට සේවය කරති. ප්‍රස්තාව ලැබෙන විට, ඔහු පූර්ණ-කාලීන දේව සේවකයෙක් හැටියට සේවය කරමින් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමට තමාගේ කාලයෙන් සෑහෙන කොටසක් වැය කරන අතර ඔහු යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රාදේශීය සභාවේ උපස්ථායක සේවකයෙක් හැටියටද සේවය කරයි. තමන්ගේ දරුවන් අලුත් ලෝකයක් තුළට සාදරයෙන් පිළිගන්ට හැකියාව ලැබෙන නැවත නැගිටීම කෙරෙහි ඔහුත් ඔහුගේ භාර්යාවත් බලාපොරොත්තුවෙන් සිටිති. එසේය, දෙවියන්වහන්සේගේ වචනය වන බයිබලය, ජීවමානය, බලගතුය!