ඉවසිලිවන්තව බලා සිටින්න
“වෘකයෙක් ආවේ නැති වුණත් “වෘකයා එනවෝ” කියා නැවත නැවත මොරගැසූ ගොපලු කොලුවා පසුව උදව් ඉල්ලා මොරගැසූ අවස්ථාවේදී කිසි කෙනෙක් ගණන්ගත්තේ නැහැ. අදදිනත් ඒ හා සමානව කුතුහලය අවුස්සන අප්‍රමාණ බොරු අනතුරු ඇඟවීම්වලට සවන් දී තිබෙන නිසා බොහෝදෙනෙක් යෙහෝවාගේ දවසේ ආසන්නකම නොසලකා හරිනවා. සැබෑ අනතුරු ඇඟවීම කුමක්ද කියා තේරුම්ගෙන ඒ ගැන සැලකිලිමත් වෙන්න බොහෝදෙනෙක් අසමත්ව සිටීමෙන් “ආලෝකයේ දූතයෙකුගේ” වෙස්ගන්න දෙවිගේ ප්‍රධාන සතුරා වන සාතන් ප්‍රයෝජන ගන්නවා.—2 කොරින්ති 11:14.
කාලයක් පුරා යෙහෝවාට සේවය කර තිබෙන අයට පවා අනතුර නොසලකා සතුටින් කල් ගෙවීමේ ආත්මයක් අනතුරුදායකයි. එයට හේතුව? පළමු සියවසේදී ප්‍රේරිත පේතෘස් දුන් අනතුරු ඇඟවීම සලකා බලන්න.
පැහැදිලිව සිතන්න
පේතෘස්ගේ දේවානුභාවය ලත් දෙවන ලිපිය මුල් ක්‍රිස්තියානීන්ට සිහිගැන්වීමක් වූ අතර අපටත් එය එසේමයි. ‘ප්‍රේමවන්තයෙනි, දැන් මේක මා නුඹලාට ලියා එවන දෙවන ලියුමය. මාගේ පළමු ලිපියේදී කළාක් මෙන් මතක් කරවීම කරණකොටගෙන නුඹලාගේ [පැහැදිලිව සිතීමේ ඉන්ද්රියයන්, NW] පුබුදු කරවමි.’ (2 පේතෘස් 3:1) එසේ සැලකිල්ල දැක්වීම සඳහා පේතෘස්ට කුමන පදනමක් තිබෙනවාද? සරදම්කරන්නන්ගේ පැමිණසිටීම ගැන පේතෘස් අවධාරණය කරනවා; මොවුන්ගේ සරදම් ප්‍රකාශවලින්, දෙවිගේ සේවකයන් ජීවත් වන කාලය සම්බන්ධයෙන් අවශ්‍ය කරන හදිසිතාවේ හැඟීම ක්‍රමානුකූලව දුර්වල කරනවා. සමච්චල්කරන්නන්ගේ රවටනු ලැබීම් සම්බන්ධයෙන් පරෙස්සම් වීමට කාලය දැන්. මේ අනුව ‘ශුද්ධ වූ අනාගතවක්තෘවරුන් විසින් පළමුවෙන් කියන ලද වචන මතක් කරගන්න’ කියා පේතෘස් තම පාඨකයන්ගෙන් ඕනෑකමින් ඉල්ලා සිටිනවා. (2 පේතෘස් 3:2; ක්‍රියා 3:22, 23) අනාගතවක්තෘවරුන් කියා තිබුණේ මොනවාද?
දෙවිගේ ඇදහිලිවන්ත සේවකයන් බොහෝ අවස්ථාවලදී දිව්‍ය විනිශ්චයන් මගින් දුෂ්ටකම නිමාවට පත් කළ ආකාරය ගැන අවධානය යොමු කර තිබුණා. පොළොව දුෂ්ටකමින් පිරී ඉතිරී ගොස් තිබූ කාලයකදී එයට මැදිහත් වීමේ මාධ්‍යයක් හැටියට දෙවි නෝවාගේ දවස්වල සිදු වූ ජලගැල්ම යොදාගත් බව පේතෘස් තම පාඨකයන්ට සිහිගන්වනවා. එක දිගටම වේගයෙන් ඇද හැළුණු වර්ෂාව මගින් අපේක්ෂිත අරමුණු ඉටු කරමින් එවකට පැවති ලෝකය නිමාවට පත් කළා. නමුත් දෙවි නෝවාව හා ඔහුගේ පවුලේ අයව “මාංසමයවූ පණ ඇති” ජීවමාන සත්ව නියෝජිතයන් සමඟින් නැවක ආරක්ෂා කළා. ලෝ පතල ප්‍රබන්ධ කථා බයිබල් වාර්තාවේ සත්‍යතාව තහවුරු කරනවා.a—උත්පත්ති 6:19; 2 පේතෘස් 3:5, 6.
සමහරුන්ගේ ‘අවධානයෙන් ගිලිහී යන්නක් වන’ එම දිව්‍ය මැදිහත් වීම ගැන පේතෘස් සඳහන් කරනවා. ඒ කාලයේ සිටි සරදම්කරන්නන් විසින් අනිත් අයව අනතුර නොසලකා සතුටින් කල්ගත කිරීමට සැලැස්වීම මගින් නිදිබර තත්වයකට පත් කළා. කොහොමවුණත් දැනටමත් යෙහෝවා කර තිබෙන දේවල් පිළිබඳ දෘෂ්ටිය මැකීයෑමට කවදාවත් අපි ඉඩ නොදිය යුතුයි. පේතෘස් අපට මෙසේ පවසනවා: “දැන් පවතින අහසද පොළොවද එම වචනයෙන් විනිශ්චයෙත් අභක්තිකයන්ගේ විනාශයෙත් දවස දක්වා ඉතුරුකරනු ලැබ ගින්නෙන් දැවීමට තබා තිබේ.” (2 පේතෘස් 3:7) ඔව්, නැවතත් දිව්‍ය මැදිහත් වීමක් සිදුවීමට නියමිතයි.
දෙවි ප්‍රමාද නැහැ
දැනටමත් අවුරුදු දහස් ගණනක් ගෙවී ගොස් තිබෙනවා. මනුෂ්‍යවර්ගයාගේ ගැටලු විසඳීමට දෙවි මේ තරම් දිගු කාලයක් බලා සිට තිබෙන්නේ ඇයි? නැවතත් පේතෘස් තවත් කාරණයක් කෙරෙහි අවධානය යොමු කරවනවා. ඔහු මෙසේ පවසනවා: “ප්‍රේමවන්තයෙනි, [යෙහෝවාට] එක දවසක් අවුරුදු දහසක්මෙන්ය, අවුරුදු දහසක් එක දවසක් මෙන්ය යන මේ එක කාරණය මතකනැති නොකරන්න [අවධානයෙන් ගිලිහී යෑමට ඉඩ නොදෙන්න, NW].” (2 පේතෘස් 3:8) කාලය දෙස යෙහෝවා බලන ආකාරය අප බලන ආකාරයට වඩා වෙනස්. සදාකාලික දෙවිට නම් ආදම්ගේ මැවීමේ සිට මේ දක්වා ගත වී තිබෙන කාලපරිච්ඡේදය සතියකටවත් සමාන නැහැ. නමුත් කාලය දෙස අප බලන ආකාරය කුමක් වුණත්, පසු වන සෑම අවුරුදු දහසක්ම හා සෑම දවසක්ම යෙහෝවාගේ අරමුණ ඉටුවීමේ ආසන්නකම කරා අපව ගෙන යනවා.
“රත් වෙන කේතලය දිහා බලාගෙන හිටියට ඒකේ වතුර නටන්නේ නැහැ” යන කියමනෙන් ඇඟවෙන්නේ යම් දෙයක් සිදු වන තෙක් ඒ දෙයම දෙස බලා සිටීමෙන් එය සිදුවීමට කල්ගත වන බව පෙනෙන බවයි. කොහොමවුණත්, “යෙහෝවාගේ දවසේ පැමිණ තිබීම බලා සිටිමින් හා එය මනසෙහි ප්රමුඛව තබාගනිමින්” සිටීම පේතෘස් නිර්දේශ කරනවා. (2 පේතෘස් 3:12, NW) දිව්‍ය මැදිහත් වීමේ ආසන්නකම සම්බන්ධයෙන් අපව අවදිව තබන මානසික ආකල්පයක් අපට වර්ධනය කරගත හැක්කේ කෙසේද?
වචනවලට වඩා ක්‍රියා හඬඟා පවසයි
කාර්යයන් හා ක්‍රියාවලට පේතෘස් අවධානය යොමු කරනවා. ඔහු “හැසිරීමේ ශුද්ධ ක්‍රියා” හා ‘දේවභක්තික කාර්යයන්වලට’ යොමු දක්වනවා. (2 පේතෘස් 3:11, NW) මේවාට අයත් වන්නේ මොනවාද?
දෙවිගේ සැබෑ සේවකයා ඔහුව සතුටු කරවන ආකාරයෙන් ක්‍රියා කරනවා. එවැනි සැබෑ නමස්කාරයෙකුගේ ඇදහිල්ල ඔහුගේ හැසිරීමෙන් පිළිබිඹු වෙනවා. මෙයින් දෙවි සහ ඔහුගේ පොරොන්දු කෙරෙහි විශ්වාසය ගැන හුදෙක් කතා කිරීමට පමණක් සීමා කරගෙන සිටින අයගෙන් ඔහුව පැහැදිලිව වෙන්කොට දක්වනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රසිද්ධ දේවසේවය මගින් ඔවුන්ව වෙනස් පුද්ගලයන් හැටියට වෙන්කොට දක්වන බව සමහරවිට ඔබේ අවධානයට යොමු වී තිබෙන්න පුළුවන්. බයිබලයේ සඳහන් දෙවිගේ පොරොන්දුවලට ඔබගේ අවධානය යොමු කරවීම සඳහා ඔවුන් ඔබේ නිවසට පැමිණෙනවා. ඒ වගේම ඔවුන් ජනයාව හමු වන ඕනෑම තැනකදී තමන්ගේ බලාපොරොත්තු හා විශ්වාසයන් ගැන සාක්ෂිදරනවා.
තමාගේ ඇදහිල්ල ගැන අනිත් අයට ප්‍රකාශ කිරීමෙහි කාර්යබහුලව සිටින සාක්ෂිකරුවා තමාගේ විශ්වාසයන් ශක්තිමත් හා බලවත් කරගන්නවා. ප්‍රකාශ කිරීම මගින් කාවැදීම වැඩි කරන අතරතුරම ඇතුළාන්ත ප්‍රීතිය හා තෘප්තිය ගෙන දෙනවා. අපි දෙවිගේ රාජ්‍යයේ ශුභාරංචිය ප්‍රචාරය කරන විට යෙහෝවාවත් සතුටට පත් කරනවා. පේතෘස්ගේ සහකාර ප්‍රේරිතයෙකු වූ පාවුල් ප්‍රකාශ කරන්නාක් මෙන් ‘අපේ වැඩයද ඔහුගේ නාමයට අපි පෙන්වන ප්‍රේමයද අමතක කරන්න ඔහු අධර්මිෂ්ඨ නැහැ’ කියා අපි දන්නවා.—හෙබ්‍රෙව් 6:10; රෝම 10:9, 10.
මේ වත්මන් දුෂ්ට පිළිවෙළේ අන්තිම දවස්වලදී රාජ්‍ය ශුභාරංචිය ව්‍යාප්ත කිරීම කෙරෙහි එසේ සිත යොමු කර තබාගැනීමේ ප්‍රතිඵලය කුමක්ද? යෙහෝවාගේ ලබන්න නොවටිනා තරම් වූ කරුණාවෙන් ප්‍රයෝජන ලැබීම හා පාරාදීස පොළොවක් මත සදාකල් ජීවත් වීමේ අපේක්ෂාව සමඟින් සැබෑ ප්‍රීතිය සොයාගැනීම සඳහා ඔහු සමඟ සමීප සබඳතාවක් ඇති කරගන්නා ආකාරය අවංක හදවත් ඇති සියදහස් ගණනක්දෙනා ඉගෙනගනිමින් සිටිනවා.
පූර්ව දැනුම
යෙහෝවා දෙවි තමාගේ නියමිත කාලයේදී මැදිහත් වෙන්න යන බව අපි බයිබලයෙන් දැනගෙන සිටියත්, පේතෘස් තවදුරටත් කරන මේ අනතුරු ඇඟවීමට අපි අවධානය යොමු කිරීම අවශ්‍යයි. “නුඹලා මේ දේවල් කලින් දැනගන සිටින බැවින්, දුෂ්ටයන්ගේ මුළාවෙන් ඇදීගොස් නුඹලාගේම ස්ථිරභාවයෙන් නොවැටෙන පිණිස පරෙස්සම්වෙන්න.”—2 පේතෘස් 3:17.
ශක්තිමත් ඇදහිල්ලේ ඌනතාවෙන් පෙළෙන සමහර අය දිව්‍ය මැදිහත් වීමේ පෙනෙන්න තිබිය හැකි ප්‍රමාදය මගින් අධෛර්යයට පත් විය හැකි බව යෙහෝවා කලින්ම දැන සිටියා. අභක්තික ජනයාගේ බලපෑම් මගින් ඔහුගේ සැබෑ සේවකයන් දූෂ්‍ය විය හැකි බව නැතහොත් අඩුම තරමින් දෙවිගේ නාමය විශුද්ධවත් කිරීම ආසන්න බවට තිබෙන ඔවුන්ගේ විශ්වාසය ක්‍රමානුකූලව දුර්වල කරන බවත් ඔහු දැනසිටියා. මේ අවසාන දවස්වලදී ස්ථිරව සිටීමෙන් පහත වැටීම මොනතරම් කනගාටුදායක දෙයක් විය හැකිද!
යෙහෝවා කරන්න යන දේවල් ගැන සැක හෝ අනුමානයන් සිතෙහි ලැගුම්ගැනීම සඳහා ඉඩහැරීමට මෙය කාලය නොවේ. (හෙබ්‍රෙව් 12:1) ඒ වෙනුවට, යෙහෝවාගේ ඉවසීම මගින් ඇති කර තිබෙන දෙය සඳහා එනම්, අන්තර්ජාතික මහත් සමූහයේ කොටස් බවට පත් වී පැමිණෙන මහත් පීඩාවෙන් බේරී ජීවත් වීමට සතුටින් බලාසිටින දශලක්ෂ ගණනකට ගැළවීමේ අපේක්ෂාව සඳහා අගය වර්ධනය කරගැනීමට කාලය දැන්. (එළිදරව් 7:9, 14) පේතෘස් මෙසේ අනුශාසනා කරනවා: “අපගේ ස්වාමි වූ ගැළවුම්කාර වූ යේසුස් ක්‍රිස්තුස්ගේ ලබන්න නොවටිනා තරම් වූ කරුණාවේ දිගටම වර්ධනය වන්න. දැනුත් සදාකාලයටත් ඔහුට මහිමය අත් වේවා.”—2 පේතෘස් 3:18, NW.
‘දෙවිගේ ප්‍රේමයෙහි පවතින්න’
රාජ්‍ය දේශනා කිරීමෙහි කාර්යබහුලව සිටීම, නමස්කාරය සඳහා නිතිපතා ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණීම හා දේවවචනය අධ්‍යයනය කිරීම යනාදිය අපට ආරක්ෂාව සලසනවා. මේ අනුව, අද පවතින දුෂ්ට පිළිවෙළේ පිරිහෙමින් පවතින තත්වයන් කෙරෙහි අධික ලෙස සැලකිලිමත් වීමට අපිට කාලය තිබෙන්න යන්නේ නැහැ. බිය හා කාන්සාවන් සැබෑ ක්‍රිස්තියානීන්ගේ ජීවිත කෙරෙහි බලපවත්වන්න අවශ්‍ය නැහැ. (1 කොරින්ති 15:58) අපි වඩාත් කාර්යබහුලව යෙහෝවාට සේවය කරමින් සිටින විට කාලයද වඩාත් වේගයෙන් ගෙවී යනවා.
පේතෘස්ගේ සමකාලීනයෙක් හා යේසුගේ අර්ධ සහෝදරයෙක් වූ යූද් අපට මෙසේ අනුශාසනා කරනවා: “ප්‍රේමවන්තයෙනි, නුඹලා වනාහි නුඹලාගේ ඉතා ශුද්ධ ඇදහිල්ල පිට නුඹලාම ගොඩනඟාගනිමින්, [ශුද්ධාත්මය] තුළ සිට යාච්ඤාකරමින්, සදාකාල ජීවනය පිණිස අපගේ ස්වාමිවූ යේසුස් [ක්‍රිස්තුස්ගේ] දයාව බලාසිටිමින්, [දෙවිගේ] ප්‍රේමයෙහි පවතින්න.” (යූද් 20, 21) යාච්ඤාවෙහි නොකඩවා පැවතීම මගින් පෝෂණය කරනු ලබන ඒකාන්ත ආකල්පයක වැදගත්කම සැලකිල්ලට ගන්න. (1 තෙසලෝනික 5:17) අනතුරුව යූද් මෙසේද පවසනවා: “තවද මාංසය කරණකොටගෙන කැලැල්වූ වස්ත්‍රයට පවා ද්වේෂකරමින්, අනුමානයෙහි සිටින සමහරුන්ට දයාව පෙන්වන්න; සමහරෙකුන් ගින්නෙන් ඇදලා ගළවන්න; භයින් යුක්තව සමහරුන්ට දයාව පෙන්වන්න.” (යූද් 22, 23) මේ දුෂ්කර කාලවලදී එකිනෙකාව ශක්තිමත් කිරීම මොනතරම් අත්‍යවශ්‍ය දෙයක්ද! එමෙන්ම දීර්ඝ වී තිබෙන මේ “ගැළවීමේ දවස,” අද සදාචාරාත්මක ලෙස දූෂිත ලෝකයේ හාත්පස පැතිර පවතින “සල්ලාලකම” සඳහා නිදහසට කරුණක් හැටියට යොදාගැනීමට කෙරෙන පෙලඹවීමට හසු නොවී සිටීම මොනතරම් වැදගත්ද!—යූද් 4; 2 කොරින්ති 6:1, 2.
පේතෘස්, පාවුල් හා යූද් යන අයගේ ප්‍රේමනීය උපදෙස්වලට අවනත වීමෙන් හා දෙවිගේ සේවයෙහි කාර්යබහුලව මෙන්ම ක්‍රියාශීලීව සිටීමෙන් ඔබට පුළුවන් යෙහෝවාගේ මැදිහත් වීම කෙරෙහි ඉවසිලිවන්තව බලා සිටින්න. නමුත් ඔබ එසේ බලා සිටින්න යනවාද?
සදාකාල ජීවනය පිළිබඳ මැවුම්කරුගේ පොරොන්දුව කෙරෙහි ඔබේ ඇදහිල්ල ශක්තිමත් කරගැනීම සඳහා උපකාරය පතා ඔබ ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හමුවීමට පසුබට වෙන්න එපා. ළඟා වෙමින් තිබෙන මහත් පීඩාවේදී නිමාවට පත් කරන්න යන යළි කිසිදා නැවත නොකරනු ලබන සමස්ත ලෝක සාක්ෂිදැරීමේ වැඩයට හවුල් වීම සඳහා අවශ්‍ය කරන සුදුසුකම් මොනවාද කියා ඉගෙනගන්න. (මාර්ක් 13:10) එවිට යෙහෝවා පොරොන්දු කරන ධර්මිෂ්ඨ නව ලොවේ ජීවත් වීමේ අපේක්ෂාව ඔබට තිබෙන්න යනවා. (2 පේතෘස් 3:13) ඔහුගේ සිහිගැන්වීම්වලට අවනත වන්න! ඉවසිලිවන්තව බලා සිටින්න! කාර්යබහුලව සිටින්න!
[පාදසටහන]
a කරුණාකර Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත බයිබලය—දෙවිගේ වචනයද නැත්නම් මිනිසාගේද? (ඉංග්‍රීසියෙන්) නමැති පොතේ 116 පිටුව බලන්න.
[7වන පිටුවේ පින්තූරය]
පාරාදීසය පිළිබඳ දෙවිගේ පොරොන්දු ගැන දැන් ඉගෙනගන්න
[5වන පිටුවේ පින්තූරය හිමිකම් විස්තර]
වෘකයා: Animals/Jim Harter/Dover Publications, Inc.; ගොපලු කොලුවා: Children: A Pictorial Archive from Nineteenth-Century Sources/Grafton/Dover Publications, Inc.