මුල් පිටුවෙන් | දෙවියන්ගේ මිතුරෙක් වෙන්න ඔබට පුළුවන්ද?
ඔබ දෙවියන්ගේ නම දන්නවාද? ඒක පාවිච්චි කරනවාද?
නම දන්නේ නැති මිතුරෙක් ඔබට ඉන්න පුළුවන්ද? ඒක වෙන්න බැහැ. බල්ගේරියාවේ කාන්තාවක් වන ඉරීනා මෙහෙම කියනවා. “දෙවියන්ගේ නම දන්නේ නැත්නම් ඔහුගේ කිට්ටු මිතුරෙක් වෙන්න බැහැ.” අපි දෙවියන්ගේ කිට්ටු මිතුරන් වෙනවාට ඔහු කැමතියි කියලා කලින් ලිපියෙන් දැනගත්තා. දෙවියන් බයිබලයේ තමාව හඳුන්වලා තියෙන්නේ මෙහෙමයි. “මාගේ නාමය යෙහෝවාය.”—යෙසායා 42:8.
දෙවියන් බයිබලයේ තමාව හඳුන්වලා තියෙන්නේ මෙහෙමයි. “මාගේ නාමය යෙහෝවාය.”—යෙසායා 42:8
යෙහෝවා දෙවියන් ඔහුගේ නම දැනගෙන ඉන්න එකත් ඒක පාවිච්චි කරන එකත් අත්‍යවශ්‍ය දෙයක් කියලා සලකනවාද? හෙබ්‍රෙව් භාෂාවේ අක්ෂර හතරකින් ලියලා තියෙන දෙවියන්ගේ නම බයිබලයේ හෙබ්‍රෙව් ලියවිල්ලේ මුල් පිටපත්වල 7,000 වාරයක් විතර සඳහන් වෙනවා. බයිබලයේ වෙන කිසිම නමක් එච්චර වාර ගණනක් සඳහන් වෙලා නැහැ. ඒකෙන් පැහැදිලි වෙන්නේ අපි දෙවියන්ගේ නම දැනගන්නවාටත් ඒක පාවිච්චි කරනවාටත් ඔහු කැමතියි කියලයි.a
දෙන්නෙක් අතර මිත්‍රත්වයක් ඇති වෙද්දී මුලින්ම ඔවුන්ගේ නම් දැනගන්නවා. ඔබ දෙවියන්ගේ නම දන්නවාද?
ඒත් ශුද්ධ, සියලු බලැති දෙවියන්ගේ නම පාවිච්චි කරන එක ඔහුට කරන නින්දාවක් කියලා සමහරු හිතන්න පුළුවන්. ඔබේ කිට්ටු මිතුරෙක්ගේ නමට නින්දා වෙන විදිහට ඔබ ඔහුගේ නම පාවිච්චි කරයිද? නැහැ. ඒ වගේ, දෙවියන්ට අගෞරව වෙන විදිහට ඔහුගේ නම පාවිච්චි කරන එකත් වැරදියි. හැබැයි යෙහෝවා දෙවියන් කැමතියි ඔහුට ආදරය කරන අය ඔහුගේ නමට ගෞරව කරලා ඒ නම අනිත් අයට දැනගන්න සලස්වනවාට. (ගීතාවලිය 69:30, 31; 96:2, 8) යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට ඉගැන්නුවේ “ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා” කියලා යාච්ඤා කරන්නයි. දෙවියන්ගේ නම සැමදා ශුද්ධව පවතින්නත් ඒ නම ගෞරවයට පත් කරන්නත් අපි ඒක අනිත් අයට දන්වන්න ඕනේ. එහෙම කරද්දී අපි ඔහුගේ කිට්ටු මිතුරන් වෙනවා.—මතෙව් 6:9.
‘යෙහෝවා දෙවිගේ නාමය සිහි කරන [නම ගෞරවයෙන් සලකන] අයට’ දෙවියන් විශේෂ අවධානයක් දෙනවා කියලා බයිබලයේ කියනවා. (මලාකි 3:16) ඒ අයට දෙවියන් දෙන පොරොන්දුව මේකයි. “ඔහු මාගේ නාමය ගැන දැනගත් බැවින් මම ඔහුව ආරක්ෂා කරන්නෙමි. ඔහු මට කන්නලව් කරන්නේය. එවිට මම ඔහුට උත්තර දෙන්නෙමි. විපත්ති කාලයේදී මම ඔහු සමඟ සිටින්නෙමි.” (ගීතාවලිය 91:14, 15) යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න නම් ඔහුගේ නම දැනගන්නත් ඒක පාවිච්චි කරන්නත් ඕනේ.
a බයිබලයේ හෙබ්‍රෙව් ලියවිල්ලට පරණ ගිවිසුම කියලත් කියනවා. හුඟක් බයිබල් පරිවර්තනවල දෙවියන්ගේ නම අයින් කරලා “සමිඳාණෝ” නැත්නම් “දෙවියන් වහන්සේ” වගේ පදවි නම් දාලා තියෙනවා. වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 195-197 පිටු බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්රකාශනයක්.