අපේ වරප්‍රසාද අගය කරමු
1 යෙහෝවා දෙවි ඈත අතීතයේ පටන් ස්ත්‍රී පුරුෂ භේදය, වයස හා තරාතිරම නොබලා තම සෙනඟට විවිධාකාර වරප්‍රසාද ලබා දුන්නා. (ලූක් 1:41, 42; ක්‍රියා 7:46; ෆිලි. 1:29) අද දින ඔහු අපට දී තිබෙන වරප්‍රසාද මොනවාද?
2 වරප්‍රසාද කීපයක්: යෙහෝවා දෙවිගෙන් ඉගෙනගනු ලැබීමේ වරප්‍රසාදය අපට ලැබී තිබෙනවා. (මතෙ. 13:11, 15) රැස්වීම්වලදී අදහස් දැක්වීමෙන් දෙවිට ප්‍රශංසා කරන්න ලැබීම තවත් වරප්‍රසාදයක්. (ගීතා. 35:18) එමනිසා ලැබෙන සෑම අවස්ථාවකදීම අපි උද්යෝගයෙන් අදහස් දක්වමු. එලෙසම, සභාවෙන් ලැබෙන සෑම පැවරුමක්ම වරප්‍රසාදයක් ලෙස අප සලකනවා නම්, අපිට හැකි උපරිමය කරමින් එය හොඳින් ඉටු කරන්න වෑයම් කරනවා. රාජ්‍ය ශාලාව පිරිසිදු කිරීම හා එය හොඳ තත්වයක තබාගැනීමට ලැබීමත් වරප්‍රසාදයක්. අප නිතිපතා ඊට සහභාගි වෙනවාද?
3 බොහෝ මිනිසුන් දෙවිට යාච්ඤා කළත් ඔහු ඊට සවන් දෙනවාද කියා ඔවුන්ට ස්ථිර නැහැ. එහෙත් මේ විශ්වයේ අතිශ්‍රේෂ්ඨ තැනැත්තා අපේ යාච්ඤාවලට සවන් දෙනවා කියා දැන සිටීම ඇත්තෙන්ම වරප්‍රසාදයක්. (හිතෝ. 15:29) යෙහෝවා දෙවි තම සේවකයන් එක් එක්කෙනාගේ යාච්ඤාවලට පෞද්ගලිකව සවන් දෙනවා. (1 පේතෘ. 3:12) යාච්ඤා කළ හැක්කේ කොතරම් වාරයක්ද කියා ඔහු අපට සීමා පනවා නැහැ. “සෑම අවස්ථාවකදීම” යාච්ඤා කිරීමට හැකිවීම මොන තරම් වටිනා වරප්‍රසාදයක්ද!—එෆී. 6:18.
4 “දෙවි සමඟ හවුල් වැඩකරුවෝ”: තවත් කදිම වරප්‍රසාදයක් නම් “දෙවි සමඟ හවුල් වැඩකරුවෝ” ලෙස දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කිරීමට ලැබීමයි. (1 කොරි. 3:9) එය තෘප්තිය මෙන්ම ප්රබෝධය ලැබෙන සේවයක්. (යොහ. 4:34) මේ සඳහා මිනිසුන්ව යොදාගැනීම අවශ්‍ය නොවුණත් යෙහෝවා දෙවි මිනිසුන්ට මේ පැවරුම දී තිබෙන්නේ ඔහුගේ ප්‍රේමය නිසයි. (ලූක් 19:39, 40) එහෙත් මේ වරප්‍රසාදය සෑම කෙනෙකුටම දීලා නැහැ. දේවසේවයේ හවුල් වන අයට ශුද්ධ ලියවිල්ලේ සඳහන් සුදුසුකම් තිබිය යුතුයි. (යෙසා. 52:11) සතිපතා දේවසේවයේ යෑම අපේ ජීවිතයේ වැදගත් අංගයක් කරගැනීමෙන් දේවසේවයේ යෑමට ලැබී තිබෙන වරප්‍රසාදය අගය කරන බව අපි පෙන්වනවාද?
5 යෙහෝවා දෙවිගෙන් ලැබෙන වරප්‍රසාද නිසා අපේ ජීවිතය අර්ථවත් වෙයි. (හිතෝ. 10:22) කවදාවන් ඒවායෙහි වටිනාකම සුළු නොකරන්න. ලැබී තිබෙන වරප්‍රසාද අගය කරන බව පෙන්වීමෙන් “සෑම යහපත් දීමනාවක්ම හා සෑම සම්පූර්ණ ත්‍යාගයක්ම” ලබා දෙන ස්වර්ගික පියාණන්ව අපි සතුටු කරමු.—යාකො. 1:17.