සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ මැයි 1
මතෙව් 24:3 කියවන්න. ඉන්පසු මෙසේ අසන්න. “සමහරු හිතන්නේ පොළොව විනාශ වෙයි කියලා. ඔබ හිතන්නේ මොකක්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] යේසුස් දුන්න පිළිතුරෙන් ඊට වෙනස් දෙයක් සිද්ධ වෙන බවයි ඇඟවෙන්නේ. මේ ලිපියේ ඒ ගැන පැහැදිලි කරනවා.” සඟරාවේ 16වන පිටුවේ තිබෙන ලිපිය පෙන්වන්න.
පිබිදෙව්! මැයි
“අපි දෙවිව සතුටු කරනවා නම් දෙවි අපිට ධන සම්පත් දෙනවා කියලා සමහර දේවගැතිවරුන් කියනවා. ඒත් සමහර හොඳ අය තවමත් දුප්පත් වෙලා ඉන්නෙ ඇයි? ඔබ හිතන විදිහට දෙවි කැමති අපි පෝසත් වෙනවා දකින්නද? [ප්‍රතිචාරයට ඉඩහරින්න. ඉන්පසු හෙබ්‍රෙව් 13:5 කියවන්න.] දෙවි අපිට මොන විදිහේ ආශීර්වාදද දෙන්නේ කියලා මේ ලිපියේ කියලා තියෙනවා.” සඟරාවේ 12වන පිටුවේ තිබෙන ලිපිය පෙන්වන්න.
මුරටැඹ ජූනි 1
“ළමයි ඇති දැඩි කරන්නත්, ප්‍රේමය පෙන්වන්නත්, තෘප්තිමත් ජීවිතයක් ගත කරන්නත් උපදෙස් දීලා තියෙන පොත් තියෙනවා. ඒවා ඔබට ප්‍රයෝජනවත් වෙලා තියෙනවද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ඒත් මේ උපදෙස දීලා තියෙන පොත බලන්න හුඟක් අය උනන්දු වෙන්නේ නැහැ. [2 තිමෝති 3:16 කියවන්න.] බයිබලය විශ්වාස කරන්න පුළුවන් ඇයි කියලත් අදාළ කරගන්න පුළුවන් හොඳ උපදෙස් ගැනත් මේ සඟරාවේ තියෙනවා.”
පිබිදෙව්! ජූනි
“ගබ්සා කරන එක හරිද වැරදිද කියන කාරණය අද මතභේදයට ලක් වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ගත යුතු තීරණය ගැන බයිබලයෙන් මඟ පෙන්වීමක් ලබාගන්න පුළුවන් වෙයිද? [ප්‍රතිචාරයට ඉඩහරින්න. ඉන්පසු 2 තිමෝති 3:16, 17 කියවන්න.] මේ ගැන බයිබලයේ කියලා තියෙන දේ මේ සඟරාවේ සඳහන් වෙනවා.”