ලොව පුරා බෙදාහැරීමට සිහි කිරීමේ ආරාධනා පත්‍ර!
1. සිහි කිරීමට පෙර ලොව පුරා සිදු කරන්නේ මොකක්ද?
1 “මාව සිහි කිරීමට මේ දේ නොකඩවා කරන්න.” (ලූක් 22:19) යේසුස් දුන් මේ අණට කීකරු වෙමින් යෙහෝවා දෙවිට නමස්කාර කරන්නන් යේසුස්ගේ මරණය සිහි කිරීමට උනන්දුව දක්වන අය සමඟ 2010 මාර්තු 30වෙනිදා එක් රැස් වෙනවා. මාර්තු 13වෙනිදා සිට 30වෙනිදා දක්වා ලොව පුරාම ඒ වෙනුවෙන් ආරාධනා පත්‍ර බෙදාහරිනවා.
2. ආරාධනා පත්‍රය බෙදාහැරිය හැක්කේ කොහොමද?
2 බෙදාහැරිය හැකි අයුරු: නිවැසියාට ආරාධනා පත්‍රයේ ඇති පින්තූරය හොඳින් දැකගත හැකි වන ආකාරයට එය ඔහුගේ අතට දෙන්න. ඉන්පසු මෙසේ පවසන්න. “මේ මාසේ 30වෙනිදා හවස, ලෝකෙ හැම රටකම වගේ ඉන්න ලක්ෂ ගානක් යේසුස්ගේ මරණය සිහි කරන්න එකතු වෙනවා. ඒකට ඔබටත් ඔබේ පවුලේ අයටත් එන්න කියලා ආරාධනා කරන්න මම කැමතියි. ඔබේ නෑදෑ හිතවතුන්වත් එක්කගෙන එන්න.” අවස්ථාවක් ලැබෙනවා නම් එම අණ සඳහන්ව ඇති ලූක් 22:19 කියවන්න. සිහි කිරීම පවත්වන ස්ථානය හා වෙලාවත් සඳහන් කරන්න. ආරාධනා පත්‍ර බෙදාහැරීමට අපිට තිබෙන්නේ දින කිහිපයක් පමණයි. ඒ නිසා පවසන දේ කෙටි කිරීම වඩාත් සුදුසුයි.
3. ආරාධනා කරන්න පුළුවන් කාටද?
3 ඔබේ සභාවට විශාල ප්‍රදේශයක් අයත් නම් නිවෙස්වල කිසිවෙකු නොසිටින විට ආරාධනා පත්‍රයක් තබා එන්න කියා වැඩිමහල්ලන් නිර්දේශ කළ හැකියි. ආරාධනා පත්‍රයට අමතරව අවශ්‍ය නම් සඟරාද දිය හැකියි. නැවත බලන්න යන හා බයිබල් පාඩම් කරන අය, ඔබ සමඟ රැකියාවේ යෙදෙන අය, පාසැල් මිතුරන්, නෑදෑයන්, අසල්වාසීන් සහ දන්නා හඳුනන වෙනත් අය යන සැමට ආරාධනා කිරීමට මතක තබාගන්න.
4. යෙහෝවා දෙවි හා යේසුස් පෙන්වූ ප්‍රේමය අගය කරනවා නම් අප පෙලඹෙන්නේ කුමක් කරන්නද?
4 හොඳින් සහභාගි වීමට කල් තියා සූදානම් වන්න: සිහි කිරීමේ කාලය අපේ සේවය වැඩි කිරීමට හොඳ කාලයක්. උපකාරික පුරෝගාමි සේවය කිරීමට ඔබේ කාලසටහන සකස් කරගන්න ඔබට පුළුවන්ද? දෙවි සමඟ තිබෙන බැඳීම ශක්තිමත් කරගනිමින් සිටින දරුවන් හෝ බයිබල් ශිෂ්‍යයන් ඔබට සිටිනවාද? එසේනම් බව්තීස්ම නොවූ ප්‍රචාරකයන් ලෙස ආරාධනා පත්‍ර බෙදා දීමේ විශේෂ සේවයට හවුල් වෙන්න එම නවකයන්ට හැකිද කියා වැඩිමහල්ලන්ගෙන් විමසා බලන්න. යෙහෝවා දෙවි හා යේසුස් අපට පෙන්වූ ප්‍රේමය අගය කරනවා නම් සිහි කිරීමේ අවස්ථාවට පැමිණීමට පමණක් නොව අප සමඟ හවුල් වීමට තවත් බොහෝදෙනෙකුට ආරාධනා කරන්න අප පෙලඹෙයි.—යොහ. 3:16.