‘ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්’
1. ඔක්තෝබර් 19වෙනිදා ඉඳලා සභා බයිබල් පාඩමේදී සාකච්ඡා කරන්නේ මොකක්ද?
1 2015 ඔක්තෝබර් 19 ඉඳලා සභා බයිබල් පාඩමේදී සාකච්ඡා කරන්නේ ‘ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්’ කියන පොතයි. ඒකේ විශ්වාසවන්ත ස්ත්‍රීන් හා පුරුෂයන් 14දෙනෙක් ගැන තොරතුරු තියෙනවා. ලියලා තියෙන්නේ ඔවුන් ගැන අපේ මනසේ පින්තූරයක් මවාගන්න පුළුවන් විදිහටයි. ඒ අය අභියෝග මැද විශ්වාසවන්තව හිටපු සැබෑ අය කියලා තේරුම්ගන්න ඒ තොරතුරු උදව් වෙනවා. අපි එක් එක් කෙනාට අදාළ කරගන්න පුළුවන් පාඩම් ඒ චරිතවලින් ඉගෙනගන්න පුළුවන්.—හෙබ්‍රෙ. 6:12.
2. මේ පොතේ තියෙන විශේෂ දේවල් මොනවාද?
2 විශේෂ දේවල්: ඒ අය හිටියේ කොයි කාලෙද, කොහෙද කියලා දැනගන්න උදව් වෙන කාල රේඛා සහ සිතියම් ඒකේ තියෙනවා. හැම පරිච්ඡේදයකම තියෙන “ඔබට මතකද?” කියන කොටස ඉගෙනගත්ත දේවල් ගැන ගැඹුරින් කල්පනා කරන්නත් ඒවා අදාළ කරගන්නත් උදව් වෙනවා. චරිතවලට පණපොවන වර්ණවත් පින්තූරත් තියෙනවා. ඒවා ඇඳලා තියෙන්නේ සියුම් තැන් මතු වෙන විදිහට හොඳින් පර්යේෂණය කරලා.
3. මේ පොත අධ්‍යයනය කරන්න ඕන කොහොමද?
3 ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහ: පොතේ මුලින්ම තියෙන පාලක මණ්ඩලයේ ලියුමේ මේ වගේ දිරිගන්වන අදහස් කීපයක් තියෙනවා. “ඔබත් ඒ චරිතවල ජීවත් වෙන්න. සිද්ධීන් සිතින් මවාගන්න. ඔවුන්ට හැඟුණ දේ ඔබටත් හැඟෙන්න ඉඩහරින්න. ඔවුන් දැක්ක දේ ඔබත් දකින්න. ඔවුන් මුහුණ දුන්න දේවල්වලට ඔබ මුහුණ දුන්නා නම් ඔබ මොනවා කරයිද කියලා හිතලා බලන්න.” සිතින් මවාගන්නවා කියද්දී ඉමක් කොනක් නැතුව හිතනවා කියන එක අදහස් කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි උත්සාහ කරන්න ඕන දෙවිගේ බලයෙන් ලියවුණු තොරතුරු ගැන හොඳින් හිතලා ඒ චරිතවලට බහින්න. ඒකට කාලය වැය කරන්නත් ගැඹුරින් කල්පනා කරන්නත් ඕනේ. (නෙහෙ. 8:8) පාඩම පටන්ගන්න තියෙන්නේ පරිච්ඡේදයේ මැදකින් නම් මෙහෙයවන්නා පාඩම පටන්ගන්නේ කලින් සතියේ සලකා බැලුව කොටස තත්පර 30ත් 60ත් අතර කාලයකින් නැවත සලකා බලලයි. පාඩම අවසන් කරද්දී “ඔබට මතකද?” කියන කොටස පාඩමට අහු වෙන්නේ නැත්තම් සලකා බැලුව කරුණුවලින් ප්‍රශ්නයක්, දෙකක් අහලා අවසන් කරන්න.
4. මේ පොත පාඩම් කරන්න ඕන ඇයි?
4 අපි ජීවත් වෙන්නේ හැම දවසකම අපේ විශ්වාසය දුර්වල වෙන්න ඉඩ තියෙන කාලෙක. මේ පොතයි, ‘මුරටැඹ’ සඟරාවේ “ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්” කියන ලිපි මාලාවයි අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න දෙවි අපිට දුන්න තෑග්ගක්. (යාකො. 1:17) මේකෙන් සම්පූර්ණ ප්‍රයෝජන ගන්න නම් සභා බයිබල් පාඩමට නොකඩවා යන්නත් හොඳින් සූදානම් වෙලා ගිහින් අදහස් දක්වන්නත් උත්සාහ කරන්න ඕනේ.