දේවවචනය නිධානයක් | යෙසායා 1-5
“අපි යෙහෝවා දෙවිගේ කන්දට නඟිමු”
“අවසාන කාලයේදී” |
ඒ කාලයේ තමයි අපි දැන් ජීවත් වෙන්නේ |
“යෙහෝවා දෙවිගේ ගෘහය පිහිටි කන්ද” |
යෙහෝවා දෙවිට කරන පවිත්ර නමස්කාරය |
“සියලු ජාතීහු වැල නොකැඩී ඒ කන්ද වෙතට ඇදී එන්නෝය” |
සැබෑ නමස්කාරයට එකතු වෙන අය එක්සත්ව නමස්කාර කරනවා |
“එන්න. අපි යෙහෝවා දෙවිගේ කන්දට නඟිමු” |
සැබෑ නමස්කාරයේ හවුල් වෙන අය අනිත් අයටත් ආරාධනා කරනවා |
“දෙවි අපට ඔහුගේ මාර්ග ගැන උගන්වයි. අපිද ඔහුගේ මඟ පෙන්වීමට අනුව ජීවත් වෙමු” |
යෙහෝවා දෙවිගේ මාර්ගයේ යන්න ඕන මඟ පෙන්වීම්, උපකාරය ඔහු අපිට බයිබලයෙන් ලබා දෙනවා |
‘ඔවුන් යුද්ධයට පුහුණු වන්නේවත් නැහැ’ |
යුද්ධායුධවලින්, වගා කරන්න උපකරණ හදාගන්නවා කියලා යෙසායා කිව්වේ යෙහෝවා දෙවිගේ සෙනඟ අද්දකින සාමය විස්තර කරන්නයි. ඒ කාලේ පාවිච්චි කරපු ඒ උපකරණ මොනවද? |
“කඩුවලින් නගුල්” |
1 නගුල් පාවිච්චි කළේ පස සකසාගන්න. සමහර නගුල් තල හදලා තිබුණේ යකඩවලින්.—1සාමු 13:20 |
“හෙල්ලවලින් දෑකැති” |
2 දෑකැති පාවිච්චි කළේ මිදිවැල් කප්පාදු කරන්න.—යෙසා 18:5 |