10 එයා පාළුකරයේ මුරකොටු ඉදි කළා.+ ගොඩක් පොකුණු හැදුවා. (මොකද එයාට සත්ව රැළවල් ගොඩක් හිටියා.) එයා ෂෙපේලාවල සහ උස් තැනිතලාවෙත් ඒ දේවල්ම හැදුවා. උසියා රජ කඳුකරයේ සහ කර්මෙල්වල ගොවිතැන් කරන්නයි, මිදිවතු වවන්නයි මිනිස්සුන්ව පදිංචි කළා. මොකද එයා කෘෂිකර්මයට ගොඩක් කැමති කෙනෙක්.