11 එතකොට එලියාකීම්, ෂෙබ්නා,+ සහ යෝවා රබ්ෂාකේ+ කියන තනතුර දරපු කෙනාට මෙහෙම කිව්වා. “ඔබේ සේවකයන් වන අපිට ඇරමයික භාෂාව+ තේරෙනවා. ඉතින් අපිත් එක්ක ඒ භාෂාවෙන් කතා කරන්න. ඔබ යුදෙව්වන්ගේ භාෂාවෙන් අපිත් එක්ක කතා කරද්දී ඔබ කියන දේ පවුර උඩ ඉන්න අයටත් තේරෙනවා.”+