14 මට ළං වෙන්න මම ඔබට ඉඩ දෙනවා’+ කියලා යෙහෝවා කියනවා. ‘වහලුන් වෙලා ඉන්න ඔබව මම එකට එකතු කරගන්නවා. මම ඔබව විසුරුවාහැරිය හැම ජාතියක් අතරින්මත් හැම දේශයකින්මත් ඔබව එකට එකතු කරගන්නවා.+ වහලුන් විදිහට යන්න කලින් ඔබ හිටපු දේශයට මම ඔබව ආපහු අරගෙන එනවා’+ කියලා යෙහෝවා කියනවා.