10 ඊටපස්සේ එයාලට මෙහෙම කියන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. “මම මගේ සේවකයාව, බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්ව කැඳවනවා.+ මං හංගපු මේ ගල් උඩ මම ඔහුගේ සිංහාසනය පිහිටුවනවා. ඔහු මෙතන තමන්ගේ රාජකීය කූඩාරම ගහගනියි.+