39 දාවිත් සාවුල් රජුගේ කඩුව තම ඉණේ බැඳගෙන ඇවිදින්න උත්සාහ කළේය. ඔහු එම ඇඳුම් සහ ආයුධ මීට පෙර භාවිත කර නොතිබූ නිසා ඒවා පැළඳගෙන ඔහුට ඇවිදින්න අපහසු විය. එවිට ඔහු සාවුල් රජුට, “මීට කලින් මම මේවා ඇඳලා නැති නිසා මට ඇවිදින්න අමාරුයි” කියමින් ඒවා ගලවා දැමුවේය.+