10 අලුත් අවුරුද්දක ආරම්භයත් සමඟම+ නෙබුකද්නෙෂර් රජ ඔහුගේ හමුදා පිරිස් යවා+ යෙහෝයාකින් රජුව බැබිලෝනියට ගෙනාවේය.+ ඔහු සමඟ යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ බොහෝ වටිනා දේවල්ද+ ගෙනෙන ලදි. ඉන්පසු නෙබුකද්නෙෂර් රජ, යෙහෝයාකින් රජුගේ බාප්පා වූ ශෙදකියාව+ යූදා දේශයේ හා යෙරුසලමෙහි රජු ලෙස පත් කළේය.+