3 එවිට යෙහෝවා දෙවි සාතන්ට මෙසේ පැවසුවේය. “ඔබ මාගේ සේවක යෝබ් ගැන සිතන්නේ කුමක්ද?+ ඔහු මෙන් අවංක, නිර්දෝෂව+ හැසිරෙන, මට ගරුබිය දක්වන,+ වැරදි දෙයින් ඈත්ව සිටින+ කෙනෙක් පොළොවේ තවත් නැත. කිසිම හේතුවක් නැතුව+ ඔහුට පීඩා කරන්න+ ඔබ මාගෙන් අවසර ගත්තත් ඔහු තවමත් මට විශ්වාසවන්තව+ සිටියි.”