16 “ඔබ ගොස් ඉතියෝපිය ජාතික ඒබෙද්-මෙලෙක්ට+ මේ දේ පවසන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්රායෙල්හි දෙවිද වන යෙහෝවා මෙසේ පවසන්නේය. “මෙම නගරය පිටට යහපත නොව විපත්ති ගෙනෙන බව මම පැවසුවෙමි. ඒ වදන් මම එලෙසම ඉටු කරන්නෙමි.+ මා පැවසූ සෑම දෙයක්ම ඒ දවසේදී ඔබ බලා සිටියදීම සිදු වනු ඇත.”’+