16 එම පුරුෂයන් තිදෙනා එහි සිටියත් තමන්ගේ දූපුතුන්වවත් බේරාගැනීමට ඔවුන්ට නොහැකි වනු ඇත. ගැලවෙන්නේ ඔවුන් තිදෙනා පමණයි. දේශයද පාළු ස්ථානයක් බවට පත් වන්නේය. ජීවමාන දෙවි වන මා පවසන මේ දේ අනිවාර්යයෙන්ම සිදු වන්නේය.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි වන මමය.”