6 ඔහු නැඟෙනහිරට මුහුණ ලා පිහිටි ඇතුල් වීමේ ස්ථානය අසලට පැමිණියේය.+ ඔහු පඩි පෙළ දිගේ නැඟගෙන ගොස් දොරටුව ළඟට පැමිණියේය. ඉන්පසුව ඔහු ශාලාවට පිවිසෙන ස්ථානය මැන බැලුවේය.+ එහි පළල මිනුම් දණ්ඩේ දිගට සමාන විය. ඒ හා සමාන තවත් ස්ථානයක්ද තිබිණ. එහි පළලත් දණ්ඩේ දිගට සමාන විය.